කාන්තා ව්‍යවසායකයන් බල ගන්වමින් සිය ගෘහස්ථ නිෂ්පාදන, Diva අවුරුදු පොළ හරහා පුළුල් ප්‍රජාවක් වෙත ගෙන යාමට Diva සහය වෙයි

Image (1) (LBN)

 



 

 

සාඩම්බර ශ්‍රී ලාංකේය රෙදි සේදුම් කුඩු සන්නාමයක් වන Diva,  ආර්ථික වශයෙන් ස්වාධීන වීමට කාන්තාවන් බල ගැන්වීම යන සිය සන්නාමයේ අරමුණ සපථ කරමින් අවුරුදු පොළ කිහිපයක් මෑතක දී පැවැත්විණි. Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන වෙත සහභාගී වූ ව්‍යවසායක කාන්තාවන් හට, සෘජුවම පාරිභෝගිකයා වෙත තම නිෂ්පාදන අලෙවි කිරීමේ අවස්ථාව මෙමඟින් සැලසිණි. මෙම ව්‍යාපෘතිය සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම්වලට පෙර හේමාස් ප්‍රධාන කාර්යාල සහ කර්මාන්තශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

Diva සන්නාමයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ Diva දෑතට දිරියක් සුවිශේෂී වැඩසටහන ඔස්සේ ව්‍යවසායකත්ව හා නිපුණතා  සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි තුළින්  කාන්තාවන්ට වෘත්තීය උපදෙස් ලබා දීම හා වෘත්තීය කුසලතා ඔප් නැංවීමට සහය ලබා දීම සිදු විය. ඔවුන්ගේ ගෘහස්ත නිෂ්පාදන සන්නාමයන්   ඉදිරියට ගෙන ඒමට සහ ගෘහ හා ව්‍යාපාර කටයුතු කළමණාකරණය කිරීම සදහා අවශ්‍ය මූල්‍ය හා ඩිජිටල් සාක්ෂරතා කුසලතා සංවර්ධනය කිරීම ද මෙමඟින් සිදු විය.  අංකුර කාන්තා ව්‍යවසායකයින්ට සහය වෙමින්, රටේ ශ්‍රම බලකාය වෙත එක් වීමට කාන්තාවන් දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රතිලාභ එක් කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කරයි. කාන්තාවන්ගේ ජීවිතය පහසු කර ඔවුන්ගේ  අරමුණු දිනා ගැනීම වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීම Diva දෑතට දිරියක් වැඩසටහන වෙතින් සිදු කරයි

සන්නාමයේ වසර 20ක ගමන් මඟ තුළ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා හඳුනා ගෙන ඒ සඳහා විසඳුම් සැපයීමටත්, දේශීය  ගෘහස්ථ සන්නාමයක් ලෙස පාරිභෝගික හදවත් දිනා ගනිමින් උසස් රෙදි සේදුම් නිෂ්පාදන හරහා ශ්‍රී ලාංකිකයන්ට ශක්තියක් වීමටත් Diva හට හැකි වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව