ක්ලෝගාඩ් ජංගම දන්ත වෛද්‍ය ඒකකය, රට පුරා ළමුන්ගේ හා පවුල්වල යහපත් මුඛ සෞඛ්‍ය නැංවීමට සහය වෙයි

The Clogard Mobile Dental Clinic at Usagala Gamunu Mahavidyalaya, Meegalewa (1) (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ වඩාත් ම විශ්වසනීය මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින්, මෙරට දරුවන් තුළ යහපත් මුඛ සෞඛ්‍යයක්  ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජංගම දන්ත සායන වැඩසටහන යළි සක්‍රීය කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කෙරෙන මෙම  දන්ත සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මගින් දිවයින පුරා පාසල් සිසු සිසුවියන්ගේ දන්ත පරීක්ෂාව සහ දත් පිරිසිදු කිරීම නොමිලේ සිදු කිරීම විශේෂිතය.

පසුගියදා යාපනයේ නල්ලූර් හි දී ක්ලෝගාඩ් ජංගම දන්ත සායනයක් පැවැත්වූ අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත චිකිත්සකයින් විසින් විනෝදාත්මක හා සිත් ඇදගන්නා සුළු දැනුවත් කිරීමේ සැසියක් ද පැවැත්වීය.

එම වැඩසටහනේ දී දන්ත පරීක්ෂාවෙන් හා දත් පිරිසිඳු කිරීමෙන් අනතුරුව, වැඩසටහනට සහභාගි වූ දරුවන් මුඛ සෞඛ්‍ය  යහපත්ව පවත්වා ගැනීම සඳහා දිරිමත් කරමින්, ඔවුන්ට ක්ලෝගාඩ් කණ්ඩායම වෙතින්  ආකර්ෂණීය ත්‍යාග ද පිරිනැමිණි.

මෙහි දී දරු දැරියන්ට සායනික සැසිවල දී ‘ක්ලෝගාඩ් චූටි ලෙනා’ සමඟ ක්‍රීඩා කරමින් විනෝද වීමේ අවස්ථාව ද හිමි වූ අතර, යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ළමුන් දිරිමත් කිරීම එම අංගය මගින් ද ප්‍රවර්ධනය කෙරිණි.

හේමාස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) ඩෙරික් ඇන්තනි මහතා මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, “අපි වසර ගණනාවක් තිස්සේ රට පුරා මෙවැනි ජංගම සායන පවත්වනවා. වසංගත තත්ත්වය හේතුවෙන් ලබාගත් විරාමයෙන් පසුව ක්ලෝගාඩ් ජංගම දන්ත සායන මාලාව නැවතත් ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක්.  විශ්වසනීය සන්නාමයක් විදියට ශ්‍රී ලාංකිකයින් දත් කුහරවලින් තොර ජාතියක් බවට පත් කිරීම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් හරහා අපි නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව