කළුතර දිස්ත්‍රික් 13න් පහළ බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30ක්

PHOTO-2023-05-14-13-47-41 (1) (LBN)

 



 

 

මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩනැඟීමේ වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම ඊයේ පානදුර ක්‍රිස්ටල් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සිදු කෙරිණි. කළුතර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15 බැගින්  30 දෙනකුගෙන් සමන්විත සංචිතයක් මෙහිදී තෝරාගනු ලැබීය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපිය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කළුතර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ සංචිතය තෝරාගැනීමේ වැඩසටහනට බැඩ්මින්ටන් ආයතනයේ  සහ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීහු ද සහභාගි වූහ.

මේ වැඩසටහන යටතේ 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසක් බිහි කරලීමට සැලසුම් කර ඇතැයි ද, මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට ආසන්න සංඛ්‍යාවක් දිස්ත්‍රික්ක 15ක් යටතේ සංචිතගත කර අවසන් බව ද මේ අවස්ථාවට සහභාගි වූ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. සංචිතගත කරන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් වසර දෙකක කාලයක් එම සංචිතයේ රඳවා පුහුණු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව වසර 2030 වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ජයගැනීමට හැකියාව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙමගින් බිහි කිරීම එකම අභිප්‍රාය බව ද ඔහු සඳහන් කළේය.

අවුරුදු 13න් පහළ දිස්‍ත්‍රික් සංචිතගත කිරීමේ වැඩසටහන පැවැත්වෙන්නේ Mobil,  3M සහ Li Ning අනුග්‍රාහකත්වය යටතේය.

පසුගිය මාර්තු මාසයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කිරීමේ වැඩසටහන දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය හා එක්ව හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කයන් ද ආවරණය කළ අතර, ඌව පළාත් බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක ද, මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය හා එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය ද ආවරණය කරමින් 13න් පහළ සංචිත පිහිටුවා තිබිණි. මීට අමතරව උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව කිලිනොච්චිය, යාපනය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව  දිස්ත්‍රික් සංචිත තෝරාගෙන තිබූ අතර,  වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමයේ දායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය ද, උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමයේ දායකත්වය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය ද ආවරණය කරමින් සංචිත තෝරාගෙන තිබිණි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව