කලම්බෝ කිංග්ස් සහ දඹුල්ල වයිකිං කණ්ඩායම් හිමිකාරීත්වයේ වෙනසක්

LPL logo (1)

 




 

 

තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව ඇති ලංකා ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියරේ ආරම්භය ආසන්නයේදී කළම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම් හිමිකාරීත්වයේ වෙනස් සිදු කිරීමට මෙම තරගාවලියේ නිල හිමිකාරීත්වය සහිත IPG සමාගම තීරණය කර ඇත. මෙම කණ්ඩායම් දෙකෙහි හිමිකාරීත්වය ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු නොකිරීම් සහ තරගාවලියේ අනුකූලතාවන් පැහැර හැරීම නිසා කළම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම් හිමිකාරීත්වය නව පාර්ෂවයන් වෙත පැවරීමට IPG සමාගම බලාපොරොත්තු වේ.

2020 සිට 2024 වර්ෂය සඳහා ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙහි නිල හිමිකාරීත්වය දරණ IPG සමාගම කළම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම් සඳහා නව හිමිකරුවන් ලබා දීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. මේ අනුව කණ්ඩායම් හිමිකාරීත්වය තෝරා ගැනීම සඳහා බලයලත් ආයතනය ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නම් කර ඇති අතර මෙම තෝරා ගැනීම පූර්ණ විනිවිද බවකින් යුක්තව පැවැත්වෙනු ඇත. IPG ආයතනය සඳහන් කරන ආකාරයට දැනටමත් මේ සඳහා උනන්දුවක් දක්වන පාර්ෂව රැසක් සිය අනුකූලතාව දක්වා ඇති බව පැවසේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව