කප්රුක මූලික කොටස් නිකුතුව හෙට ඇරඹේ

Webp.net-resizeimage

 



 

 

ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ විශාලතම පුරෝගාමී දේශීය විද්‍යුත්-වාණිජ්‍ය සමාගම වන කප්රුක සමාගම  සිය  මූලික මහජන කොටස් නිකුතුව (IPO) හෙට, එනම් 2021 දෙසැම්බර් 22 වන දින පෙරවරු 9.00 ට නිල වශයෙන් ආරම්භ කෙරේ. කොටස් නිකුතුව වෙනුවෙන් අයැම්පත් දැන් ලබාගත හැකි අතර ආයෝජකයින්ගේ ප්‍රයෝජනය සඳහා කොටස් පිරිනැමීම පිළිබඳ විස්තර ipo.kapruka.com වෙතින් බාගත (download) කරගත හැකිය. Acuity Partners විසින් මෙහෙයවනු ලබන මෙම කොටස් නිකුතුවේදී කප්රුක හෝල්ඩින්ස් සමාගම විසින් ආයෝජකයින්ට සමාගමේ 20% ක ප්‍රතිශතයක්, කොටසක් රුපියල් 15.40 ක මිලකට පිරිනමනු ලැබේ. පවත්නා සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, පවතින තාක්‍ෂණය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළුව ආයතනයේ නව අපේක්ෂා සහිත ව්‍යාප්තිය සහ වර්ධන සැලසුම් සඳහා මෙම මුලික කොටස් නිකුතුව මගින් රැස් කරන අරමුදල් භාවිත කිරීමට සමාගම සැලසුම් කරයි. කප්රුක යනු දුලිත් හේරත් මහතා විසින් 2002 වසරේ දී ආරම්භ කරන ලද, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ දේශීය හිමිකාරිත්වයක් සහිත විශාලතම විද්‍යුත් -වාණිජ්‍ය ආයතනය වේ. එතැන් සිට එය කිසිදු බාහිර ආයෝජකයකු නොමැතිව රුපියල් බිලියන ගණනක සමාගමක් දක්වා වර්ධනය විය. අද දක්වා කප්රුක ලබා ඇති අභ්‍යන්තර වර්ධනය එහි ශක්තිමත් ව්‍යාපාරික ආකෘතියේ සුවිශේෂී ලක්ෂණයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව