කතානාද සිනමාවට වසර 75ක් හා චිත්‍රපට සංස්ථාවට වසර 50 සපිරීමේ සමරු උලෙළ

Mahinda (2)

 



 

 

 

ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය ඊයේ (21) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි.

සමරු උත්සවය ආරම්භයේ දී ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කළ දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයකට ප්‍රවිණ රංගන ශිල්පීන් වන රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා සහ චිත්‍රපට සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන අතුල රෝහණසිරි, චන්ද්‍රිකා ශ්‍රීමතී හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු පුෂ්පෝපහාර දැක්වූහ. ජාතික සිනමාව අතික්‍රමණය කරමින් ලෝකයේ අවධානයට පාත්‍ර වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියට ගෞරව සම්මාන පිරිනැමීනි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ අරුණ ජයවර්ධන, සංජය නිර්මාල්, රංජන් ප්‍රසන්න, රනිල් ඉන්දික රුවන්පතිරණ, අසංක මිහිර වර්ණකුලසූරිය, හසන්ත ප්‍රභූති දිසානායක, චින්තක දුමිත් බණ්ඩාර යන නවක සිනමාවේදීහු ද මෙහි දී සම්මාන හිමි කර ගත්හ.

චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් රුපියල් විසිපහක වටිනාකමින් යුතු සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම ද මෙහි දී සිදුවිය.

ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් 25 දෙනෙකු වෙනුවෙන් විශ්‍රාම වැටුප් සහතික ප්‍රදානය කිරිම ද මෙහි දී සිදු විය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා අතින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රත්නවීර ද සිල්වා, ප්‍රවිණ සංස්කරණ ශිල්පී ගිවන්ත අර්ථසාද්, ප්‍රවීණ ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්න, ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු, ප්‍රවිණ චිත්‍රපට පසුබිම් ගායිකා රූපා ඉන්දුමතී යන මහත්ම මහත්මීහු මෙහි දී සිය විශ්‍රාම වැටුප් සහතික හිමිකර ගත්හ.

“ශ්‍රී ලාංකේය සිනමාවේ එදා මෙදාතුර ගමන් මග” මැයෙන් ප්‍රවීණ සිනමා විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා විසින් මෙහි දී සමරු දේශනයක් පවත්වන ලදි. චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් සමරු ආවර්ජනය ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා පැවැත්වීය. “චිත්‍රපට සඟරාව”, “පශ්චාත් නූතන සිනමා ග්‍රන්ථය” සහ “සිංහලේ මහා සිනමා වංශය” යන ග්‍රන්ථ ත්‍රිත්වය ද මෙහි දී එළිදැක්විණි.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බී.වයි.ජී. රත්නසේකර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස, සාමාන්‍යාධිකාරී රවි ප්‍රසාද් කළුපහන, තැපැල්පති රංජිත් ආරියරත්න, මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීහු, චිත්‍රපට අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව