ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතාව නව ඉමකට පිවිසේ

Image (LBN)

ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් පසුගිය දා කොළඹ දී පැවැති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) වෙත All-terrain වාහන (ATVs) ත්‍රිත්වයක් ප්‍රදානය කරන ලද අතර  එමඟින් ඔවුන් ශ්‍රී ලංකාව වෙත දක්වන සුවිශේෂී  දායකත්වය මැනවින්  ප්‍රදර්ශනය විය.

මෝටර් සහිත මෙම කුඩා off-highway වාහන රළු භූමිවල ප්‍රවාහනය සඳහා පහසුවෙන් භාවිත කළ හැකි අතර එය ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙරළ ආශ්‍රිත මුර සංචාර වෙනුවෙන් බෙහෙවින් උපකාරී වනු ඇත .

 




 

මෙම වසරේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා මූලස්ථාන පරිශ්‍රයේ සිදුකළ සංචාරයක දී  ATVs ධාවනය කිරීම පිළිබඳ  පරීක්ෂා කළ බව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (SLCG)  අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන මහතා සඳහන් කළ අතර  ATVs මුහුදු වෙරළේ මුර සංචාර කටයුතු  වැඩි දියුණු කිරීම සඳහා  සූදානම් කර ඇති බව ඔහු විසින්  සඳහන් කරන ලදී.

“ඕස්ට්‍රේලියාව මෙන්ම අපිත් සමුද්‍රීය සිවිල් ආරක්ෂක තර්ජන වළක්වා ගැනීම වෙනුවෙන් කටයුතු කරන අතර එවැනි සමුද්‍රීය අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැපවී සිටිනවා.  ATV වාහන ත්‍රිත්වය එම දායකත්වය පිළිගැනීම වෙනුවෙන් ලද තෑග්ගක් ලෙස සැලකිය හැකි අතර එමඟින් එය අපගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට ඉවහල් වෙනවා. එබැවින් මෙම අවස්ථාව පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා.”යනුවෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රියර් අද්මිරාල් විතාන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින්  සමුද්‍රීය  අපරාධ සහ මිනිස් ජාවාරම්වලින්  ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා  වත්මන්  වෙරළ මුර සංචාර සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙනුවෙන්  අතිරේක ATVs  භාවිතා කරනු ලබයි.මෙම සෑම ATV යන්ත්‍රයක්ම ගොඩබිම් කේන්ද්‍ර කරගත් ඩ්‍රෝන යානයකින් ද සමන්විත වන අතර එය වෙරළබඩ ප්‍රදේශවල සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් හඳුනාගැනීමට උපකාරී වේ .

ඒකාබද්ධ නියෝජිත ආයතනයේ කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුමේ අංශ ප්‍රධානී, රියර් අද්මිරාල් (Royal Australian Navy) බ්‍රෙට් සොන්ටර් මහතා මෙම ත්‍යාග පිරිනැමීම පිළිබඳව සිය  අදහස් දක්වමින්  මෙසේ පැවසුවේය . ” කලාපයේ අප මුහුණ දෙන සමුද්‍රීය ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීමේදී වැදගත් වන ප්‍රධානතම අංගයක් ලෙස ධාරිතාව ගොඩනැගීම හැඳින්විය හැකියි.”

“විශිෂ්ට මිත්‍රත්වයක් ගොඩනැගෙන්නේ විශ්වාසය, වටිනාකම් බෙදාගැනීම සහ එකිනෙකාට අවශ්‍ය විට සහයෝගය දැක්වීම යන කරුණු මතයි.  2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියානු වැඩිදියුණු කළ පැකේජයේම කොටසක් ලෙස මෙම ATVs ප්‍රදානය දැක්විය හැකියි. ඒ වගේම එය අප අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමේ සහ සමුද්‍රීය කලාපයේ විවිධ තර්ජනවලට මුහුණ දීම සඳහා අප දෙපාර්ශවයම අතර පවත්නා අන්‍යෝන්‍ය කැපවීම ශක්තිමත් කිරීමේ තවත් පියවරක් .රන් මෙන් වටින අපගේ සහකරුට මෙම ATVs තිළිණ කිරීමට හැකියාව ලැබීම  ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා.” ලෙසින් මෙහිදී රියර් අද්මිරාල් සොන්ටර් මහතා ඔහුගේ අදහස් තවදුරටත් ඉදිරිපත් කළේය.

මෙම ATVs කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය ඇතුළු විවිධ ස්ථානවල ආරක්ෂක ක්‍රියාකාරකම් වෙනුවෙන් යෙදවීමට නියමිතය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව