ඕෂන් ලංකා වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001 ප්‍රමිතිය අත්කර ගනී

Ocean Lanka Achieves Latest ISO 45001 Standard for Occupational Health & Safety Management Systems 5.01.2021

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම විසින් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001:2018 ප්‍රමිතිය හිමි කරගත් බව පසුගියදා දැනුම් දෙන ලදී. මෙම නවතම ප්‍රමිතිය මඟින්  පෙර පැවති OHSAS 18001: 2007 ප්‍රමිතිය ප්‍රතිස්ථාපනය කරන අතර, නවතම ප්‍රමිතිය හරහා සිය සේවක මණ්ඩලය සඳහා වඩාත් ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් සමාගම නිර්මාණය කරන බව මනාව පැහැදිළි වේ.

“COVID-19 යාවත්කාලීන කරන ලද ISO 45001 සහතිකය ලබාගත් ප්‍රථම ඇඟලුම් සමාගම් අතරට ඕෂන් ලංකා සමාගම එක්වීම විශාල ජයග්‍රහණයක්.  අපගේ කාර්ය මණ්ඩලය අපේ ප්‍රධානතම වත්කම නිසා ඔවුන්ගේ  ආරක්ෂාව අපට අතිශය වැදගත්.   මෙම නව පිළිගැනීම සහ දැනට පවතින ISO 9001 (ගුණාත්මකභාවය) පිළිබඳ පිළිගැනීම සහ 14001 (පාරිසරික) පිළිගැනීම අපගේ සේවක මණ්ඩලය සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන අප සමාගමේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා.” මේ පිළිබඳ අදහස් දක්වමින්  ඕෂන් ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ඔස්ටින් අවු මහතා සඳහන් කරයි.

 




 

 

“ISO 45001 ඇගයීම ලබා ගැනීම හරහා, සමාගම විසින් ප්‍රමාණවත් විශ්ලේෂණයක් සහිත ඉහළ මට්ටමේ ව්‍යුහයක් නිර්මාණය කර ඇති බව මෙන්ම, සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂක කළමනාකරණය සඳහා වූ අවදානම් සහ අවස්ථාවන් පිළිබඳ පැහැදිලි අවධානයක් යොමු කර ඇති බව පැහැදිළි වේ. සෞඛ්‍යාරක්ෂිත ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සමාගමේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු සියලුම සේවකයින්ගෙන් ලැබෙන ඉහළ සහයෝගීතාවය ද මෙහිදී අවධාරණය කළ යුතුය.  අපගේ ප්‍රවේශය සාම්ප්‍රදායික සේවක සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රම වලින් ඔබ්බට ගොස් ශ්‍රම සුභසාධනය වැනි පුළුල් කාරණාද ආමන්ත්‍රණය කිරීම සුවිශේෂී වේ.” මේ පිළිබඳ අදහස් දක්වමින්  ඕෂන් ලංකා සමාගමේ සෞඛ්‍ය හා සුරක්‍ෂිතතා පිළිබඳ කළමනාකාර තුසිත බාලසූරිය පවසයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව