ඔයිල් පාම් වගාව ඉල්ලා හරිත දෙරණ සාමාජිකයෝ බදුරලියේ දී නිහඬ විරෝධතාවයක

WhatsApp Image 2023-09-03 at 12.21.11 PM (LBN)

 



 

 

ඔයිල් පාම් වගාව සුළු ගොවියන් හට වගා කිරීමට ලබා දෙන්නැයි ඉල්ලමින් හරිත දෙරණ සංවිධානය බදුරලිය නගරයේ දී 03දා නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
වතු ක්ෂේත්‍රය නඟා සිටුවීමට නම් කටුපොල් වගාව නැවත ස්ථාපිත කළ යුතු බව සඳහන් කරන එම ගොවීහූ රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට ද ප්‍රායෝගික විසඳුමක් ලබා ගැනීමට එමඟින් හැකියාව තිබෙන බවද පෙන්වා දුන්හ
වැවිලි සමාගම්වලට පමණක් සීමා වී ඇති මෙම වගාව ග්‍රාමීය මට්ටමේ කුඩා පරිමාණ වතු හිමියන්ට ද ලබා දෙන ලෙසත්, මෙම වගාව පිළිබඳව මිත්‍යා මත සමාජගත කිරීම නිසා පැනවූ තාවකාලික තහනම ඉවත් කරන ලෙසත් මෙහිදී බලධාරීන්ගේ අවධානයට යොමු කරන ලදී.
එම ආනයනය කරන 80% ක ප්‍රතිශතයත් ආනනය නොකර ඔවුන්ට කටු පොල් වගාව ව්‍යාප්ත කරන්න වගා කරුවන් වැඩි කරමින් ලබා දෙන ලෙස ඉල්ලමින් හරිද දෙරණ සාමාජිකයන් 1000කට අධික පිරිසක් බදුරලියේදි උද්ඝෝෂණයක නිරත වු අයුරු දැක්වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව