
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකු වන ඔමේගා ලයින් සමාගමේ ටෝස්ට්මාස්ටර් සමාජය වන ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය, පසුගියදා නිමාවට පත්වූ 2023/2024 දිස්ත්‍රික් 82 වාර්ෂික ටෝස්ට්මාස්ටර් සමුළුවේදී විශේෂ ආයතනික සම්මානයක් දිනාගැනීමට සමත්විය. තම සේවකයින්ගේ අභිවෘද්ධිය සහ ටෝස්ට්මාස්ටර් සමාජය වෙනුවෙන් ප්‍රකට කළ අඛණ්ඩ කැපවීම අගයමින් ආයතන දෙකකට පමණක් ලබාදුන් මෙම විශේෂ සම්මානයට හිමිකම් කීමට ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජයට හැකිවීම කැපීපෙනුණි.
ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජයේ 100 වැනි සංවත්සරය සහ දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් සමාජයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාව පැමිණ සිටි ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජයේ සභාපති මොරාග් මතීසන් මහතා අතින් ඔමේගා ලයින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෆීලික්ස් ප්‍රනාන්දු මහතා මෙම සම්මානය ලබාගත්තේය. එහිදී ඔමේගා ලයින් සමාගම මගින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන කාර්යභාරය සහ නායකත්ව භූමිකාව ද මතීසන් මහතාගේ ඇගයීමට ලක්විය.
තිරසර සංවර්ධනය වෙනුවෙන් ප්‍රජාව, ලාභය සහ පරිසරය යන ත්‍රිවිධ අංශ ශක්තිමත් කිරීම පිළිබඳව දැඩිව විශ්වාස කරන ඔමේගා ලයින් සමාගම, සිය කාර්යමණ්ඩලයට පෞද්ගලික සහ වෘත්තීය මට්ටමින් සංවර්ධනය වීම සඳහා පහසුකම් රැසක් සලසා තිබේ. සේවකයින් තම වැදගත්ම වත්කම ලෙසින් සළකා මීට වසර 15කට පෙර ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය බිහිකිරීමට සමාගම කටයුතු කරන්නේ ද ඒ අරමුණෙනි.
ටෝස්ට්මාස්ටර් සමාජයක් ආරම්භ කිරීම තුළින් අපේක්ෂා කෙරුණේ සේවකයින්ගේ තුළ වත්මන් වෘත්තීය ලෝකයට අත්‍යවශ්‍ය සන්නිවේදන සහ නායකත්ව කුසලතා මෙන්ම අනෙකුත් අන්තර් පුද්ගල හැකියාවන් වර්ධනය කිරීම ය. ඉදිරියටත් ටෝස්ට්මාස්ටර් සමාජ වැඩසටහන් සඳහා දායක වෙමින් සේවකයින්ගේ සංවර්ධනය වෙනුවෙන් ඔමේගා ලයින් සමාගම කැපවී සිටියි.
මෙම ආයතනික සම්මානයට අමතරව සමුළුවේදී Golden Gavel සම්මානයෙන් පිදුම් ලැබීමට ද ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජයට හැකිවිය. සන්නිවේදන සහ නායකත්ව අංශයන්හි විශිෂ්ටත්ව වෙනුවෙන් වර්ෂ 1959 සිට අඛණ්ඩව පිරිනැමෙන මෙම සම්මානය, මීට පෙර සිව් වරක් දිනාගැනීමට ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය සමත්වී තිබේ. තව ද සාමාජික සංඛ්‍යාව පවත්වාගැනීම වෙනුවෙන් 8-80 සම්මානය ද සාමාජික සංඛ්‍යාව වර්ධනය වෙනුවෙන් තවත් සම්මානයක් ද සමුළුව අතරතුරදී ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජයට හිමිවිය.
මේ අතර පෞද්ගලික ජීවිතයේ සංවර්ධනයට අවශ්‍ය මූල්‍ය කළමනාකරණය, සන්නිවේදනය සහ රූපලාවන්‍ය වැනි දෑ පිළිබඳ දැනුම සේවකයින් වෙත සමීප කිරීමට ද ඔමේගා ලයින් සමාගම ක්‍රියාකරයි. මේ තුළින් සේවකයින් සවිබලගැන්වීම තුළ නිරායාසයෙන්ම ආයතනයේ වර්ධනය ද සිදුවන බව ඔමේගා ලයින්හි විශ්වාසය වේ. මීට අමතරව, මුදල් අත්තිකාරම්, නිවාස ණය සහ වෛද්‍ය ආධාර වැනි විවිධ පහසුකම් රැසක් සේවකයින් වෙත පිරිනැමීමට සමාගම පියවර ගෙන තිබේ.
Great Place to Work ශ්‍රේණිගත කිරීම යටතේ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කර්මාන්ත අංශයේ සේවය සඳහා සුදුසුම ආයතන 15 අතරටම ඔමේගා ලයින් සමාගම නම් කර තිබේ. ඊට අමතරව විවිධ සමීක්ෂණ තුළින් සේවකයින්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට ද ඔමේගා ලයින් පත්ව තිබේ.
Oniverse සමූහයට අයත් ඔමේගා ලයින් සමාගම සඳලංකාව ප්‍රදේශයේ පිහිටා ඇති අතර, 15,500කට වැඩි පිරිසක් එහි සේවය කරති. 2023 වසරේදී ඇඟලුම් නිෂ්පාදන මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කළ සමාගම, රට තුළ පැවැති විවිධ ආර්ථික අභියෝග හමුවේ වුව ද එම වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 600කට වැඩි පිරිවැටුමක් වාර්තා කිරීමට ද සමත්විය. සමාගම ශ්‍රී ලංකාව තුළ මේ දක්වා සිදුකර ඇති සමස්ත ආයෝජනයේ වටිනාමක අමෙරිකානු ඩොලර් මිලියන 350කට අධික ය.