ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් DIMO ඇගයීමට ලක්වේ

DIMO wins multiple awards at the CMA Excellence in Integrated Reporting Awards 2022, including the ‘Overall Winner - Gold Award’ (LBN)

 



 

 

2022 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘සමස්ත රන් සම්මානය’ දිනා ගැනීමට සමත් වූ DIMO සමාගම එම සම්මාන උලෙළේ දී ම  ‘විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහ’ සඳහා, ‘ඒකාබද්ධ චින්තනය’ සඳහා මෙන් ම  2021/2022 වාර්ෂික වාර්තාව සඳහා ‘හොඳම සංක්ෂිප්ත ඒකාබද්ධ වාර්තාවට’ ද හිමි විශේෂ සම්මාන දිනා ගැනීමට සමත් විය.

‘ශ්‍රී ලංකාව අවස්ථාවන්ගෙන් පිරී ඇත’ යන තේමාව මුල් කර ගනිමින් සැකසුණු, DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව එම සමාගම් සමූහයේ අනාගත සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා ග්‍රහණය කර ගනිමින් නිර්මාණය වී ඇත.

සමාගමේ ඒකාබද්ධ වාර්තාකරණයේ සාර්ථකත්වය  පිළිබඳ ව සිය අදහස් දැක්වූ DIMO අධ්‍යක්ෂ / ප්‍රධාන මුල්‍ය නිලධාරී සුරේෂ් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, “මුල්‍ය වාර්තාකරණයට නවෝත්පාදනයන් ගෙන එන අතරම, ඒකාබද්ධ වාර්තාකරණ මූලධර්මවලට අනුකූලව කටයුතු කිරීමට DIMO කැපවීම, අපට වාර්ෂික වාර්තා වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ සම්මාන වලින් පිළිබිඹු  වෙනවා. එම නිසා ම වගකිව යුතු ආයතනයක් විදියට අපගේ සියලු ම පාර්ශවකරුවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අපට හැකි වෙලා තිබෙනවා.” යනුවෙනි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව