එයාර්ටෙල් ලංකා හි නුවන් ප‍්‍රනාන්දු 2020/21 SLIM NASCO සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලබයි

Image 03

 



 

 

 

එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිදු කරන ලද ආයෝජනයෙහි සාර්ථකත්වය මනාව පෙන්නුම් කරමින් මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී කලාපීය කළමනාකරු කාණ්ඩයේ රන් සම්මානයකින් පිදුම් ලැබීය.

එයාර්ටෙල් හි සහකාර කලාපීය විකුණුම් කළමනාකාර නුවන් ප‍්‍රනාන්දු මහතා 2020/21 NASCO සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය හමුවේ සිදු කළ සාර්ථක සම්මුඛ සාකච්ඡාව මෙන්ම ඔහුගේ සම්පූර්ණ හැකියාවන්, කාර්යසාධනය සහ උපායමාර්ගික දායකත්වය පිළිබඳ ඉදිරිපත් කළ සාර්ථක කතා ද මෙම රන් සම්මානයෙන් ඔහු පිදුම් ලැබීමට හේතු වීම විශේෂයෙන් කැපී පෙනේ. තවද කළමනාකරණ දෘෂ්ටිකෝණයක සිට ඔහුගේ කණ්ඩායම සවිබල ගැන්වීම සඳහා ගන්නා ලද ක‍්‍රියාමාර්ග පිළිබඳව සහ එමඟින් පිළිගත් සේවා යෝජකයෙකු ලෙස සමාගමේ කීර්ති නාමය අඛණ්ඩව පවත්වා ගැනීමට ඔහු දක්වන ලද දායකත්වය ද නුවන් මහතා මෙහිදී පෙන්නුම් කළේය.

NASCO හි විනිශ්චය මණ්ඩලය හමුවේ සිදු කළ කැපී පෙනෙන සම්මුඛ සාකච්ඡාව සහ රන් සම්මානය දිනා ගැනීම හේතුවෙන් නුවන් ප‍්‍රනාන්දු මහතා සියලූම ආයතනවල රන් සම්මාන හිමි කරගත් ජයග‍්‍රාහකයන්ගෙන් සමන්විත ගෞරවනීය “Best of the Best” කාණ්ඩයට ද ඇතුලත් වීම ද විශේෂිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ‘‘අපගේ විකුණුම් කණ්ඩායමේ සාමාජිකයින් සඳහා පිළිගත් ආයතන සමඟ එක්ව සිදු කරනු ලබන අඛණ්ඩ ඉගෙනීමේ හා සංවර්ධන මුලපිරීම් සමඟින් අපගේ ආයතනය තුළ ලබා දෙන ඵලදායී පුහුණුකිරීමේ වැඩසටහන් නිසා නිසි වේලාවට ඔවුන්ගේ හැකියාවන්වලට නව ජවයක් ලබා දීමටත් කුසලතා ඉහළ නැංවීමටත් අපට හැකි වුණා. අපගේ තරගකරුවන්ට සහ විශේෂයෙන්ම නුවන් මෙවැනි සම්මාන උළෙලකදී ඇගයීමට ලක් වීමට මෙම මුලපිරීම් නිසැකවම උපකාරී වූවා යැයි මා විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

එයාර්ටෙල් ලංකා සමාගම ක‍්‍රමක‍්‍රමයෙන් වර්ධනය වෙමින් සිය ශ‍්‍රම බලකාය සවිබල ගැන්වීම සඳහා තරගකාරී වේදිකාවක් නිර්මාණය කිරීමට සැමවිටම උත්සාහ කරයි. සමාගම තුළ මෙන්ම පිළිගත් වෙනත් ආයතන සමඟ ක‍්‍රියාත්මක කරනු ලබන සම්මාන උළෙලවල් හරහා සිය සමස්ත ශ‍්‍රම බලකාය තුළ ඉලක්ක පසුපස හඹා යාමේ දැඩි උනන්දුවක් හා තරගකාරී මානසිකත්වයක් සහතික කරයිx

ශ‍්‍රී ලංකා අලෙවිකරණ (Sri Lanka Institute of Marketing) විසින් සංවිධානය කරනු ලබන SLIM NASCO සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත‍්‍රය තුළ සිටින දක්ෂයින් හඳුනාගැනීමටත් ඔවුන්ට සම්මාන පිරිනමමින් ධෛර්යමත් කිරීමට හා උනන්දු කරවීමට වාර්ෂිකව සංවිධානය කෙරෙන ජාතික වැඩසටහනකි. එය ශ‍්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත‍්‍රයේ නියැලී සිටින වෘත්තිකයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරෙන එකම සම්මාන උළෙල වීම ද විශේෂත්වයකි.

විශේෂයෙන් වසංගත තත්වයක් අතරතුර විකුණුම් විශිෂ්ටත්වය සඳහා මෙම ප‍්‍රමුඛ සම්මාන උළෙලේදී පිළිගැනීමට ලක්වීම අනාගතයේ දී මීටත් වඩා ඉහළ මට්ටමකට ළඟා වීමට විකුණුම් වෘත්තිකයන්ට නිවැරදි මගපෙන්වීමක් සපයයි. ප‍්‍රවීන විනිශ්චය මණ්ඩලයක් විසින් SLIM NASCO සම්මාන උළෙලේ සියලූම අයදුම්පත් අතරින් රටේ විශිෂ්ටතම විකුණුම් දක්ෂයින් තෝරා ගනු ලබයි. විකුණුම් වෘත්තිකයන් සඳහා වන එකම විශ්වාසනීය සහ ගෞරවනීය සම්මාන උළෙල වන SLIM NASCO විකුණුම් වෘත්තිකයන් සහ ආයතන සඳහා ගෞරවනීය මිණුම් දණ්ඩක් බවට පත්ව ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව