එයාර්ටෙල් කණ්ඩායමේ දායකත්වය සමඟින් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල ශක්තිමත් වෙයි

Team-Airtel-COVID19

රජයේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ ප‍්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය.

‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡුාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල ද COVID-19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ හා සමාන වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි.

 

අදාල චෙක්පත ජනාධිපති මහලේකම් කාර්යාලයේ පරිපාලන අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙල මහතා වෙත පිරිනමමින්.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව