එමිරේට්ස් ස්කයිකාගෝ මොස්කව් සිට කොළඹ දක්වා Sputnik V එන්නත් 50,000 ක තොගයක් ප‍්‍රවාහනය කරයි

Emirates SkyCargo transports Sputnik V to Colombo (1)

 




 

 

ශ‍්‍රී ලංකාව විසින් සිය කොවිඩි-19 එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් පිටතට ව්‍යාප්ත කිරිමත් සමග රුසියාවේ සිට කොළඹ දක්වා Sputnik V එන්නත් තොගයක් ප‍්‍රවාහනය කිරීම සඳහා එමිරේට්ස් ස්කයිකාගෝ විසින් සහයෝගය ලබාදී තිබේ.

මේ අනුව, Sputnik V එන්නත් 50,000 ක තොගයක් මොස්කව් නුවර දොමජෙදොවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඩුබායි හරහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉතාමත් සුරක්ෂිත ලෙස එමිරේට්ස් ස්කයිකාර්ගෝ මගින් පසුගිය මැයි 27 වනදා රාත‍්‍රියේ රැගෙන එන ලදී. මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කළ අතර එහි දේශීය නියෝජිතයා වන්නේ DHL Global Freight සමාගමයි.

එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන අංශය වන එමිරේට්ස් ස්කයිකාගෝ වර්තමාන කොවිඞ්-19 වසංගතයේදී ලොව පුරා කොවිඞ්-19 එන්නත් සහ අනිකුත් අත්‍යවශ්‍ය ඖෂධ, පුද්ගලික ආරක්ෂණ උපකරණ මෙන්ම ආහාර ප‍්‍රවාහනයේදී ඉදිරියෙන්ම සිටී. මේ අනුව, 2021 මැයි මාසය වනවිට එමිරේට්ස් විසින් කොවිඞ්-19 එන්නත් මිලියන 70 කට වැඩි ප‍්‍රමාණයක් ගමනාන්ත 60 කට වැඩි සංඛ්‍යාවක් වෙත ප‍්‍රවාහනය කර තිබේ. සමාගම සඳහන් කරන්නේ මේ ආකාරයෙන් කොවිඞ්-19 එන්නත් වර්ග 06 ක් සිය ගුවන් යානා මගින් ප‍්‍රවාහනය කර තිබෙන බවයි.

නිෂ්පාදකයාගේ සිට ගුවන් සමාගම සිය ගමනාන්ත පවත්වාගෙන යන මහද්වීප හය දක්වා මෙම එන්නත් සුරක්ෂිත ලෙස ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය GDP සහතිකකරණය ලබාගත් එන්නත් ගබඩාකිරීමේ ස්ථානයක් ස්කයිකාගෝ සිය ඩුබායි මධ්‍යස්ථානයේ පිහිටා ඇත. 2020 ඔක්තෝම්බර් මාසයේ සිට නවීන පුළුල් බඳ සහිත ගුවන් යානා සහ අති නවීන උපකරණ භාවිතා කරමින් එමිරේට්ස් ස්කයිකාගෝ විසින් ඉතාමත් සුරක්ෂිත සහ වේගවත් ලෙස මේ දක්වා ලොව පුරා බෙදාහැර තිබෙන සමස්ත කොවිඞ්-19 එන්නත් වලින් 5% ක පමණ ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කර තිබේ.

එමිරේට්ස් ස්කයිකාගෝ 2021 ජනවාරි මාසයේදී DP World ඩුබායි ගුවන්තොටුපොළවල් සහ International Humanitarian City සමග එක්ව Dubai Vaccine Logistics Alliance නැමති සන්ධානය ගොඩනගන ලදී. මෙම සන්ධානයේ පාර්ශවකරුවන් ඩුබායි සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත කොවිඞ්-19 එන්නත් සහ අවශ්‍ය ඖෂධ ඉක්මනින් ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා එක්ව කටයුතු කරයි. මීට අමතරව, ගෝලීය ප‍්‍රජාවට සමානව එන්නත් බෙදාහැරීම අරමුණු කරගත් UNICEF ආයතනයේ COVAX පහසුකමට අනුව ඉක්මනින් කොවිඞ්-19 එන්නත් ප‍්‍රවාහනය කිරීම සඳහා 2021 පෙබරවාරි මාසයේදී එමිරේට්ස් ස්කයිකාගෝ අංශය UNICEF ආයතනය සමගද අත්වැල් බැඳගන්නා ලදී.

සේයාරුවෙන් දැක්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එමිරේට්ස්  EK2528 ගුවන් යානයෙන් Sputnik V එන්නත් 50,000 ක තොගය පිටතට ගන්නා ආකාරයයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව