එමිරේට්ස් සමූහය 2020-21 මූල්‍ය ප‍්‍රතිඵල නිවේදනය කරයි

HH Sheikh Ahmed bin Saeed Al Maktoum, Chairman and Chief Executive, Emirates airline and Group (1)

 




 

 

එමිරේට්ස් ගුවන් සමූහයේ වසර 30 කට අධික ඉතිහාසය තුළ පළමු වරට 2020-21 මුදල් වසර තුළදී අලාභ ලබා තිබෙන අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා පැනවූ සංචාරක සීමා ආදායම් කැපී පෙනෙන ලෙස අඩුවීමට සම්පූර්ණයෙන්ම හේතුවී තිබේ.

එමිරේට්ස් සමූහය විසින් නිකුත් කර තිබෙන 2020-21 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2021 මාර්තු 31 වනදායින් අවසන් වන මුල්‍ය වසර තුළදී එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 22.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.0) ක පාඩුවක් ලබා තිබෙන බවත් එයට පෙර වසරේදී සමූහය ඩිරාම් බිලියන 1.7 ක (ඇමරිකානු ඩොලර් මිලියන 456 ක) ලාභයක් වාර්තා කර තිබූ බවයි. සලකා බලන මූල්‍ය වසරේදී එමිරේට්ස් සමූහයේ ආදායම් පෙර වසරට සාපේක්ෂව 66% කින් පහත වැටී ඩිරාම් බිලියන 35.6 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 9.7 ක්) වී ඇත. මෙම තත්ත්වය තුළ සමූහයේ මුදල් ශේෂය පෙර වසරට සාපේක්ෂව 23% කින් පහත වැටී ඩිරාම් බිලියන 19.8 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 5.4 ක්) වී තිබෙන අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා විවිධ ව්‍යාපාර වලට සිදුවූ අයහපත් බලපෑම සහ සමූහයේ ප‍්‍රධාන ව්‍යාපාරික අංශ සහ වෙළෙඳපොළවල් වලට තිබූ සංචාරක සීමාවන් මෙම තත්ත්වයට හේතුවී ඇත.

මෙම ගිණුම් වාර්තා පිළිබඳව එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා අදහස් දැක්වූයේ මෙසේයි. ‘කොවිඞ්-19 වසංගතය නිසා මිනිස් ජීවිත වලට, ප‍්‍රජාවන්ට, ආර්ථිකයන්ට මෙන්ම සිවිල් ගුවන් සේවා සහ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙනවා. 2021 මුදල් වසර තුළදී රටවල් විසින් පැනවූ සංචාරක සීමාවන් නිසා ජාත්‍යන්තර සංචාරක ගමන් බිමන්වල සිදුවූ දැවැන්ත කඩා වැටීම හේතුවෙන් එමිරේට්ස් සහ dnata සමාගම් වලට දැඩි බලපෑමක් එල්ල වුණා.’

‘අපගේ සේවකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යය සහ පැවැත්ම මෙන්ම මුදල් ආරක්ෂා කර ගනිමින් පිරිවැය පාලනය කර ගැනීම මේ වසර පුරාම අපගේ ප‍්‍රමුඛ කාර්ය භාරය වුණා. එසේම, අපගේ මෙහෙයුම් කටයුතු ආරක්ෂාකාරීව මෙන්ම තිරසාරව යළිත් ආරම්භ කිරීමට අපි කැපවුණා. අපගේ ප‍්‍රධානතම කොටස්කරුවා වන ඩුබායි රජයෙන් එමිරේට්ස් සමූහයට ඩිරාම් බිලියන 11.3 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක) ප‍්‍රාග්ධනයක් පසුගිය කාලයේදී ලැබුණා. එසේම, dnata සමාගමත් විවිධ සහන වැඩසටහන් දෙසට නැඹුරුවී 2020-21 මුල්‍ය වසර තුළදී  ඩිරාම් මිලියන 800 ක පමණ සහන ලබා තිබෙනවා. මෙම මුදල් අපගේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් අපගේ දක්ෂ කාර්ය මණ්ඩලය රඳවා ගැනීමටත් උපකාරී වී තිබෙනවා. කෙසේවෙතත්, අඩුවූ මෙහෙයුම් කටයුතු වලට සාපේක්ෂව කාර්ය මණ්ඩලය සකස් කිරීමේ අපහසු තීන්දුව අපට ගැනීමට සිදුවුණා.’

එමිරේට්ස් ගුවන් සේවය

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් 2020 ජුනි මැද කාලයේ සිට යළිත් වතාවක් රට විවෘත කිරීම හමුවේ එමිරේට්ස්, සිවිල් ගුවන් සේවා අංශයේ පාර්ශවකරුවන් සමග සමීපව කටයුතු කර ආරක්ෂාකාරී ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කරමින් ක‍්‍රමානුකූලව ගුවන් මගීන් ප‍්‍රවාහනය කිරීමේ කටයුතු යළිත් ආරම්භ කරන ලදී.

මෙම මුදල් වසර ආරම්භයේදී කිසිදු ගුවන් ගමනක් සිදුකිරීමට නොහැකිව සිටි එමිරේට්ස් 2021 මාර්තු 31 වනදා වනවිට ගමනාන්ත 120 කට වැඩි ප‍්‍රමාණයකට මෙහෙයුම් කටයුතු යළිත් ආරම්භ කිරීමට සමත්වී තිබුණි. මෙයින් විදහා දක්වන්නේ අභියෝගයන්ට සාර්ථකව අනුගත වීමට හැකියාව සමාගමට, එහි කාර්ය මණ්ඩලයට මෙන්ම ව්‍යාපාරික ආකෘතියට තිබෙන බවයි.

එමිරේට්ස් ප‍්‍රධාන වෙළෙඳපොළවල ඉල්ලූම දැවැන්ත ලෙස අඩුවීම නිසා සලකා බලන මුදල් වසරේදී සමාගමේ සමස්ත ආදායම 66% කින් අඩුවී ඩිරාම් බිලියන 30.9 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 8.4 ක්) විය. මේ වසරේදී සිදුවූ විනිමය උච්චාවචනයන් ගුවන් සේවා කර්මාන්තයට කැපී පෙනෙන බලපෑමක් සිදුකළේ නැත.

මේ අනුව, කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා පවතින සංචරණ සීමා නිසා එමිරේට්ස් ගුවන් සමාගම සලකා බලන මුදල් වසරේදී ඩිරාම් බිලියන 20.3 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක) අලාභයක් වාර්තා කළ අතර පෙර වසරේදී සමාගම ඩිරාම් බිලියන 1.1 ක (ඇමරිකානු ඩොලර් මිලියන 288 ක) ලාභයක් වාර්තා කර තිබුණි. මේ සඳහා එක් වරක් පමණක් වෙන් කරන ඩිරාම් මිලියන 710 ක (ඇමරිකානු ඩොලර් මිලියන 193 ක) හානි පූරණ ගාස්තුවක්ද ඇතුළත් වේ. මෙම හානි පූරණ ගාස්තුව වෙන්කර තිබෙන්නේ මේ වනවිට ගොඩබා තිබෙන ඊළඟ මුදල් වසර දක්වා මෙහෙයුම් කටයුතු සඳහා එක් නොවන ගුවන් යානා වෙනුවෙනි.

එමිරේට්ස් 2020-21 මුදල් වසරේදී ගුවන් මගීන් මිලියන 6.6 ක් ප‍්‍රවාහනය කර තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 88% ක අඩුවීමකි. එසේම, ආසන ධාරිතාවයද 83% පහත වැටී ඇත.

මේ අතර, ලෝකයේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන කටයුතුවල සිදුවූ නවතම වෙනස්කම් වලට ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීම හමුවේ එමිරේට්ස් ස්කයිකාර්ගෝ අංශයේ කාර්ය සාධනය ඉහළ ගිය අතර ගුවන් සමාගමේ සමස්ත ප‍්‍රවාහන ආදායම් වලින් 60% ක් සඳහා මෙම අංශය දායකත්වය දක්වා තිබේ.

වසර පුරාම ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු වෙනුවෙන් තිබූ අධික ඉල්ලූම හමුවේ එමිරේට්ස් කාර්ගෝ අංශයේ ආදායම ඩිරාම් බිලියන 17.1 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 4.7 ක්) වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 53% ක වර්ධනයකි. කෙසේවෙතත්, ප‍්‍රවාහන කළ භාණ්ඩ ටොන් ප‍්‍රමාණය 22% කින් අඩුවී ප‍්‍රවාහනය කළ ප‍්‍රමාණය ටොන් මිලියන 1.9 ක්වී තිබෙන අතර 2020-21 මුදල් වසරේදී එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන අංශය නොවෙනස්ව Boeing 777F ගුවන් යානා 11 කින් සමන්විත විය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව