එමිරේට්ස් ගුවන් සමාගමේ වර්ධනයට දායක වූ ශ්‍රී ලංකාවේ හොඳම ට්‍රැවල් සමාගම් ගෞරවයට ලක් කරයි

Emirates Country Manager - Sri Lanka & Maldives Rashid Al Ardha (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් සඳහා විශේෂ හමුවක් පවත්වමින් එමිරේට්ස් ගුවන් සමාගම 2023 වසරේදී සමාගමට දක්වන ලද සහයෝගය සහ කැපවීම අගය කිරීමට සම්මාන උළෙලක් පැවැත්විය.

ගෙවී ගිය වසර තුළ ගුවන් සමාගමේ විකුණුම් ජයග්‍රහණ සමරමින් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එමිරේට්ස් හි ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් 20 ක නියෝජිතයින් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලෙඩ් නසීර් අල් අමෙරි මහතා සහ එමිරේට්ස් හි ජ්‍යෙෂ්ඨ උප සභාපති – වාණිජ මෙහෙයුම් – බටහිර ආසියාව සහ ඉන්දියන් සාගර කලාපය අහ්මඩ් කූරී මහතා ගෞරවනීය ආරාධිතයන් අතර විය.

 



 

ගුවන් සමාගමේ විකුණුම් උපාය මාර්ග තුළ ට්‍රැවල් ඒජන්තවරුන්ගේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා එම්රේට්ස් ගුවන් සමාගමේ කළමනාකරු රෂීඩ් අල් ආදා මහතා මෙසේ පැවසීය: “අපගේ ට්‍රැවල් ඒජන්තවරුන් ශ්‍රී ලංකාව තුළ ගුවන් සේවයේ ජයග්‍රහණ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි. අපගේ විකුණුම් සහ බෙදා හැරීමේ ප්‍රයත්නයන්හිදී අපගේ ට්‍රැවල් ඒජන්තවරුන් ඉටු කළ යුතු උපායමාර්ගික කාර්යභාරය හඳුනා ගනිමින්, අපි මෙම සහයෝගීතාවයන් පෝෂණය කිරීම කෙරෙහි විශාල අවධානයක් යොමු කරමු. ඔවුන්ගේ දේශීය විශේෂඥතාව උපයෝගී කර ගැනීමෙන්, අපගේ ජාලයට සහ ඉන් පිටතට සහ ඒ හරහා ගමන් කිරීම සඳහා ඇති ඉල්ලුම හ≈ඳුනාගැනීමට අපට හැකි වේ. එමිරේට්ස් සමාගමට ස්ථීර ලෙස සහයෝගය දැක්වූ ඒජන්තවරුන් හඳුනා ගැනීමට අද මෙහි පැමිණීමට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා.”

“එමිරේට්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින අතර එහි සංචාරක කර්මාන්තයේ අනාගතය පිළිබඳව සුබවාදීව සිටියි,” යැයි ද අල් ආදා මහතා තවදුරටත් පැවසීය. “ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අපගේ ගැඹුරු උපායමාර්ගික හවුල්කාරිත්වය තුළින්, 2024 දී සංචාරකයින් මිලියන 2.5 ක් සහ 2029 වන විට මිලියන 5 ක් ආකර්ෂණය කර ගැනීමේ උපාය මාර්ගයට අපගේ අඛණ්ඩ සහයෝගය තුළින් දිවයිනේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අපි ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරමින් සිටිමු.”

මෙම සම්මාන උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ප්‍රධානීන්, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ එමිරේට්ස් කාර්යාල කණ්ඩායම ඇතුළු අමුත්තන් 175කට අධික පිරිසක් ඉදිරියේදී ට්‍රැවල් ඒජන්තවරුන් දස දෙනෙකුට සම්මාන ප්‍රදානය කරන ලදී.

ක්ලැසික් ට්‍රැවල්, ඉන්කියුබෙටර් ගෲප්, සෙකන්ඩ් චාන්ස් ට්‍රැවල්ස්, ට්‍රැවලර් ග්ලෝබල්, ජෝර්ජ් ස්ටූවර්ට්ස් ට්‍රැවල්, අකොන් ට්‍රැවල්ස්, මෙට්රෝ වොයේජ්, මැකින්නන්ස් ට්‍රැවල්ස්, BOC ට්‍රැවල්ස් සහ MSA ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සම්මානයට පාත්‍ර වූ හොඳම ට්‍රැවල් ඒජන්ත සමාගම් දහය විය.

ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් 1986 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් ආරම්භ කළ අතර මේ වසරේ දේශීය සංචාරක හා අපනයන කර්මාන්ත සඳහා මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවා සම්පාදනය කිරීමේ භූමිකාවට වසර 38ක් සපිරේ. සම්මානලාභී ගුවන් සමාගම මෙම කාල සීමාව තුළදී කොළඹට සහ පිටතට මගීන් මිලියන 12 කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇති අතර, වර්තමානයේ බොයිං 777-300ER ගුවන් යානා යොදා ගනිමින් කොළඹට දිනකට සෘජු ගුවන් ගමන් දෙකක් සහ මාලදිවයින හරහා කොළඹට එක් දෛනික ගුවන් ගමනක් ක්‍රියාත්මක කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව