ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ ඌව පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරිම්වලට ඇතුළත් මෙම ශූරතාවලිය ජනවාරි මස 12 වැනිදා සිට 18 දින දක්වා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ බදුල්ල ෂට්ලර්ස් බැඩ්මින්ටන් ඇන්ඩ් ටේබල් ටෙනිස් ඇකඩමියේදී පැවැත්වීමට නියමිතය.
ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ වයස් කාණ්ඩ යටතේ තරග ඇතුළත් වන අතර, කනිෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලක ඒකල හා යුගල සහ බාලිකා ඒකල සහ යුගල තරග ඉසව් ඇතුළත්ය. ජ්‍යෙෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ පිරිමි ඒකල හා යුගල, කාන්තා ඒකල හා යුගල සමඟ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් වන අතර, විවෘත තරග කාණ්ඩයට පිරිමි හා කාන්තා ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග ඇතුළත්ය.
ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග, කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට නියමිතය. ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය Mcfoil, Mobil, GAC, Li-Ning සහ 3M අනුග්‍රාහකත්වයෙන් යුතුව පැවැත්වේ.