උසස් විලාසිතා අත්දැකීමක් සමග නවීකරණය වූ Fashion Bug කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව යළි විවෘත කෙරේ

Image 3 (AAN) (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව 2024 නොවැම්බර් 21 – ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී. අවුරුදු 25කට වැඩි කාලයක් මෙම සුවිශේෂී ස්ථානය කොළඹ විලාසිතා ප්‍රියකරන්නන්ට සේවය සැපයූ අතර මේ වනවිට සිදුකර ඇති වෙනස්කම් සමගින් වෙනදාටත් වඩා උසස් සේවාවක් සැපයීමට මෙම වෙළඳසැළ සූදානම්ව සිටී.
 



 
මෙම සුවිශේෂී සංධිස්ථානය සමරමින් Fashion Bug විසින් සියලු දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි Tinsel & Tidings නත්තල් එකතුව නොවැම්බර් මස 21 වනදා එළිදැක්වීය. මෙම උත්සවාකාර අවස්ථාව සඳහා විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූ අතර Miss Sri Lanka for Miss World 2024 අනුදි ගුණසේකර, සහ Face of Asia 2024 ජූලියා සොනාලි විසින් නත්තල් සමය සඳහා වූ නවතම විලාසිතා එකතුව හඳුන්වාදෙනු ලැබීය.

මෙම නත්තල් විලාසිතා එකතුව දැකගන්න පැමිණි විලාසිතා ප්‍රියකරන්නන්, ප්‍රසිද්ධ චරිත, සහ fashion influencers ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාව මනරම් උත්සවශ්‍රීයක් ඉසිලීය. මෙම අවස්ථාව වසර අවසානයේ උත්සවශ්‍රීයට විලාසිතාමය ආකර්ෂණයක් එක් කිරීමේ Fashion Bug වෑයම සමගද මනාව ගැලපීය.

1994 වසරේදී සාමාජිකයින් 7 දෙනෙකුගේ කණ්ඩායමකින් ආරම්භ කළ Fashion Bug මේ වනවිට දහසකට අධික කාර්යමණ්ඩලයක් සහ දිවයින පුරා ශාඛා 14 කින් යුත් ප්‍රමුඛ පෙළේ නාමයක් බවට පත්ව සිටී. අද වනවිට දේශීයව නිර්මාණය කළ විලාසිතා ප්‍රදර්ශනය කරන අතරම ලොව වටා නවතම විලාසිතාවන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේද පුරෝගාමී විලාසිතා නාමයක් ලෙසින් Fashion Bug දේශයේ විශ්වාසය දිනා ඇත.

මේ වනවිට පාරිභෝගිකයින්ට උසස් අත්දැකීමක් ලබා ගත හැකි කොල්ලුපිටිය ප්‍රධාන වෙළඳසැළට පිවිසී නව  විලාසිතා අතර ගැවසෙමින් නවතම අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව උදාවී ඇත. උත්සව සමයට විලාසිතාමය අසිරියක් එක් කරන Fashion Bug නවතම විලාසිතා එකතුව වන Tinsel & Tidings නත්තල් එකතුව ළඟදීම දිවයින පුරා Fashion Bug ශාඛාවලින් මිලදී ගත හැකිවනු ඇත. උත්සව සමයට වැඩි වටිනාකමක් එක් කිරීමට Fashion Bug සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය වට්ටම් රාශියක්ද ලබාදීමට බලාපොරොත්තු වේ. මේ සම්බන්ධව නවතම විස්තර සඳහා Fashion Bug සමාජ මාධ්‍ය පිටු සමග සම්බන්ධ වන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව