උසස් පෙළ විශිෂ්ට සමතුන්ට ‘සෙලින්කෝ ලයිෆ්’ නෝට්බුක් පරිගණක 25ක් පිරිනමයි

Notebook-donation-to-25-students-Composite-1

 




 

 

මාර්ගගත අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අවස්ථාවක උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබා ඇති උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 25 දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් නෝට්බුක් පරිගණක පිරිනමා ඇත.

ජීවිත රක්ෂණයේ ප‍්‍රමුඛයා විසින් තම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වැනි සංවත්සරය සමරමින් මෙම පරිත්‍යාග ලබා දෙන ලදි. ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ ශිෂ්‍යයින් අතරින් 2019 විභාගයේදී තමන්ගේ දිස්ත‍්‍රික්කයේ ඉහළින්ම සමත්කම් දැක්වූ මෙම සිසුන් 25 දෙනාම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ නවතම අදියරේ ප‍්‍රතිලාභීන් ලෙස මේ වනවිටත් සෙලින්කෝ ලයිෆ් වෙතින් රු. 144,000ක් බැගින් වටිනා වූ ශිෂ්‍යත්ව ලබා ගෙන ඇත.

සෙලින්කෝ ලයිෆ් විසින් තෝරා ගත් Lenovo IdeaPad D330 නෝට්බුක් පරිගණකය, සැහැල්ලූ ටැබ්ලටයක් ලෙසත් වෙන් කර භාවිත කළ හැක. සියලූම නියමිත සෞඛ්‍ය හා ආරක්ෂිත පියවරවලට අනුකූලව නෝට්බුක් පරිගණක ලබා දීම සෙලින්කෝ ලයිෆ් ශාඛා මට්ටමින් සිදු විය. ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වැනි වැඩසටහන සමඟ රුපියල් මිලියන 167ක් වටිනා ශිෂ්‍යත්ව, සිසු සිසුවියන් 2,887 දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් විසින් පරිත්‍යාග කර ඇත. දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛා අතරින් සමහරක සිදු කළ නෝට්බුක් පරිගණක පිරිනැමීම සේයාරු මාලාවේ දැක්වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව