උසස්ම තත්වයේ ගෘහෝපකරණ ගෙනෙන LEXCO සන්නාමය 5 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

Image III

2021 පෙබරවාරි 09, කොළඹ: DPL Lanka Holdings සතු ගෘහෝපාංග සන්නාමයක් වන LEXCO මෙම වසරේදී සිය 5 වන සංවස්තරය සමරයි. 2016 වසරේදී ආරම්භ වූ එම සමාගම මේ වනවිට ගෘහ ඉලෙක්ට්‍රොනික උපාංග සහ ‘Smart Living’ වර්ගයේ උපාංග සඳහා මෙරට ප්‍රමුඛතම සන්නාමයක් බවට පත්වී සිටී. මීට අමතරව, ‘Powder coating’ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කරන සමාගමක් සහ DPL Advertising නම් බාහිර දැන්වීම්කරණ සමාගමක් DPL සමූහ ව්‍යාපාරය සතු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගමේ සම-නිර්මාතෘ/කළමනාකාර අධ්‍යක්ෂ පුබුදු සුරවීර මහතා මෙසේ පැවසී ය. “අප DPL සමූහ ව්‍යාපාර යටතේ LEXCO සමාගම ආරම්භ කළේ ශ්‍රී ලාංකිකයන් smart home වර්ගයේ ගෘහෝපාංග සම්බන්ධයෙන් උනන්දු වීමට පටන් ගත් මුල් කාලයේදීයි. කෙටි කාලයක් ඇතුළත පාරිභෝගිකයන් තම ප්‍රියතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සන්නාමය ලෙස LEXCO නාමය වැළඳගත්තා. මේ නිසා දැන් අපට විදේශ රටවලටද ව්‍යාප්ත වීමට අවස්ථාව ලැබී තිබෙනවා.”

මේ වනවිට LEXCO සන්නාමය යටතේ හෝම් තියටර් හා ස්පීකර් සිස්ටම්, මුළුතැන්ගේ උපාංග, LED විදුලි පහන් ඇතුළු උපාංග රාශියක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. එම උපාංග සම්බන්ධ තත්ත්ව පාලනය, අලෙවියෙන් පසු සේවාව සහ පාරිභෝගික කළමනාකරණය ඇතුළු අංශ සඳහා 80 කට අධික කාර්ය මණ්ඩලයක් සේවයෙහි යොදවා ඇත.

 




 

 

එමෙන්ම DPL Advertising සමාගමද කෙටි කාලයක් තුළ විශාල සාර්ථකත්වයක් අත්පත් කරගනිමින්, මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාම රාශියක ප්‍රවර්ධන කටයුතු සඳහා දායක වීමට සමත් වී තිබේ. බාහිර ප්‍රචාරණ පුවරු, ලයිට් බෝඩ්, ඩීලර් බෝඩ්, ෆ්ලෙක්ස්, ප්‍රදර්ශන පුවරු හා අභ්‍යන්තර සන්නාමකරණ  කටයුතු ඇතුළුව දැන්වීම් හා ප්‍රවර්ධන කටයුතු වලට අදාළ බොහෝ දේ සැලසුම් කිරීම, මුද්‍රණය කිරීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් රාශියක් DPL Advertising වෙතින් ලබාගත හැක.

2019 වසරේදී දැවැන්ත ඉදිරි පියවරක් තබමින් ඕස්ට්‍රේලියාව තුළද තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට LEXCO සමත් විය. LEXCO Australia සමාගම මේ වනවිට එරට තුළ ගෘහ හා මුළුතැන්ගේ උපකරණ, නිරෝගීභාවය හා යහපැවැත්ම සම්බන්ධ උපාංග හා තාක්ෂණික උපාංග ආදිය අලෙවි කරයි.

“LEXCO යනු ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර දොරින් දොර කියවෙන නාමයක් බවට පත්වී තිබෙනවා. අපට මේ සාර්ථකත්වය අත්පත් කරගැනීමට හැකිවී තිබෙන්නේ, සෑම විටම පාරිභෝගිකයන්ට මුල්තැන දී කටයුතු කළ කළමනාකාරීත්වයේ හා කාර්ය මණ්ඩලයේ නොසැලෙන උත්සාහය නිසයි. අප අලෙවි කරන භාණ්ඩ ඉහළම ප්‍රමිතියෙන් යුක්ත වන අතර, පාරිභෝගිකයන් භාණ්ඩ මිලදීගත් පසුත් ඔවුන්ට විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීම සඳහා අපගේ පාරිභෝගික සහය සේවාව සහ අලෙවියෙන් පසු සේවාව දිවයින පුරාම ක්‍රියාත්මක වනවා.” සමාගමේ සම-නිර්මාතෘ ඩිලාන් කොස්තා මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන LEXCO උපාංග සම්බන්ධයෙන් www.lexco.lk වෙබ් අඩවියෙන්ද ඕස්ට්‍රේලියාවේ අලෙවි කෙරෙන LEXCO උපාංග සම්බන්ධයෙන් www.lexcoaustralia.com.au වෙබ් අඩවියෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ. www.dpllanka.com වෙබ් අඩවියට පිවිසීම හෝ 0112 123456 දුරකථන අංකය ඇමතීම මගින්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව