උතුරු මැද පළාතේ තරුණ තරුණියන් රැකියා ගත කිරීමට ඕස්‍ට්‍රේලියාවේ සහයෝගය

IMAGE-1 (LBN)

 



 

 

ඕස්‍ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහන (S4IG) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය සහිතව උතුරු මැද පළාතේ තරුණ තරුණියන්ට සංචාරක කර්මාන්තයට හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට අදාළ කුසලතා හා දක්ෂතා වර්ධනය කිරීම මගින් එම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර ගැනීමට සහයෝගය දක්වයි.

එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවේ ඕස්‍ට්‍රේලියානු මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නවීකරණය කරන ලද සූපවේද පුහුණු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. එම අවස්ථාවට වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ මහතාද සහභාගී විය.

එහිදී අදහස් දක්වමින් ඕස්‍ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මෙම පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය සුපවේදීන් ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරැඹීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට විශාල පිටිවහලක් වනු ඇති බවයි. “දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට ඕස්‍ට්‍රේලියාව දක්වන සහයෝගය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයේ නියුක්ත තරුණ තරුණියන්ගේ ගුණාත්මක කුසලතා සහ දක්ෂතා වර්ධනයට සුවිශාල සහායක් ලැබී තිබෙනවා.” කපූර් මහත්මිය පැවසීය.

නවීන පන්නයේ සියලුම උපාංග හා උපකරණවලින් සමන්විතව නවීකරණය කරන ලද නව සූපවේද පුහුණු මධ්‍යස්ථානය හරහා කළාපයේ ආර්ථික සංවර්ධනයට සහ තරුණ තරුණියන්ගේ කුසලතා හා දක්ෂතා වර්ධනයට සුවිශාල දායකත්වයක් ලැබෙනු ඇත. එසේම කාන්තාවන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට තරුණ වෘත්තිකයන් වීමට අවස්ථාව උදා කර දීම මෙහි ප්‍රධාන ඉලක්කයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව