උතුරු මැද පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

pulina-wellalage-2 (LBN)

 



 

 

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ මේ ශූරතාවලිය අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා අනුරාධපුර පළාත් ගෘහස්ත ක්‍රීඩාගාරයේ සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා අයැදුම්පත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

මේ ශූරතාවලියට කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල විවෘත තරග, අවුරුදු 11න් පහළ කනිෂ්ට බාලක බාලිකා ඒකල තරග, අවුරුදු 13න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා බාලක බාලිකා ඒකල හා යුගල තරග, අවුරුදු 30ට ඉහළ වයස් කාණ්ඩයේ සිට අවුරුදු 70ට ඉහළ වයස් කාණ්ඩය දක්වා කාන්තා හා පිරිමි ඒකල, යුගල, මිශ්‍ර යුගල තරග සමඟ පළඟ ශූරතාව සඳහා කාන්තා හා පිරිමි ඒකල පරාජිතයන් අතර තරග පැවැත්වීමට නියමිතය

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව