උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා උළෙල CBL සමපෝෂ විසින් බලගන්වයි

1 (11) (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම පෝෂණීය ධාන්‍යමය ආහාරය වන CBL සමපෝෂ සවිබල ගැන්වීමෙන් සිව්වන වරටත් පවත්වනු ලබන ‘පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2022’ උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ජාතික තලය වෙත ලඟා කරවීමේ අරමුණ ඇතිව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල උතුරු මැද පළාතට අමතරව ඌව, නැගෙනහිර සහ වයඹ යන පළාත් තුනෙහි ද වෙන් වෙන් වශයෙන් ඔක්තෝම්බර් මාසය තුළදී පැවැත්වේ.

මෙහිදී තරඟ ඉසව් 70කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වෙන අතර ඒ සඳහා උතුරු මැද පළාතේ පාසල් 450 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2200 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

ප්‍රථමයෙන් අවසන් වූ උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත බාලක හා බාලිකා ශූරතා ද්විත්වයම අනුරාධපුර මාධ්‍ය විද්‍යාලය විසින් දිනා ගැනීම විශේෂත්වයක් විය. සමස්ත බාලක අනු ශූරතාවය පොළොන්නරුව රාජකීය මාධ්‍ය මහා විද්‍යාලය සහ සමස්ත බාලිකා අනු ශූරතාවය තඹුත්තේගම මාධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 12න් පහළ දුර පැනීමේ ඉසව්ව යටතේ පැවති තරඟ වලින් ඉහළම දක්ෂතාවයන් දක්වා බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය අනුරාධපුර, හුරුලුමීගහ පිටිය විද්‍යාලයේ ඩී.එම්.එම් ලහිරු බණ්ඩාර ක්‍රීඩකයා විසින් දිනා ගනු ලැබිණි. ඔහුගේ දක්ෂතාවය මීටර් 4.33 ලෙස වාර්තා විය. එම ඉසව්වේම බාලිකා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය තඹුත්තේගම මාධ්‍ය මහා විද්‍යාලයේ එස්.පී පහන්දිට හිමි වූ අතර ඇය එම ඉසව්වේදී මීටර් 4.26 දක්ෂතාවයක් පෙන්නුම් කර ඇත.

වයස අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩය යටතේ පැවති යගුලිය විසි කිරීමේ තරඟ ඉසව්වේ මීටර් 11.80 දක්ෂතාවයක් දක්වමින් බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොළොන්නරුව, විජිත මාධ්‍ය මහා විද්‍යාලයේ යූ.ජී.පී සංකල්පන සම්මානයට පාත්‍ර විය. බාලිකා අංශය යටතේ වයස අවුරුදු 14න් පහළ දුර පැනීමේ ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිඟුරක්ගොඩ, බකමූණ ජාතික පාසලේ ඩබ්.එම්.කේ.ජී.එස්.මධුෂාණි ක්‍රීඩිකාව විසින් දිනා ගනු ලැබුවාය. ඇයගේ දුර පැනීමේ දක්ෂතාවය වූයේ මීටර් 4.52කි.

වයස අවුරුදු 16න් පහළ යගුලිය විසි කිරීමේ හා දුර පැනීමේ ඉසව්වලින් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන පිලිවෙලින් අනුරාධපුර මාධ්‍ය විද්‍යාලයේ එම්. උදන්ත ජයසිංහ හා අනුරාධපුර සිද්ධාර්ථ මහ විද්‍යාලයේ ඩබ්.එම්.වී ගනේෂිකා වික්‍රමසිංහ යන අය විසින් හිමි කර ගත්තේය. උදන්තගේ යගුලිය විසි කිරීමේ දක්ෂතාවය මීටර් 15.20ක් සහ ගනේශිකාගේ දුර පැනීමේ දක්ෂතාවය මීටර් 4.72ක් ලෙස වාර්තා විය.

වයස අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩය යටතේ පැවති දුර පැනීමේ ඉසව්වෙන් බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දිඹුලාගල අසේලපුර මහ විද්‍යාලයේ ඩබ්.එම් ශිවන්ත ජයග්‍රාහී සම්මානය දිනා ගනු ලැබූ අතර බාලිකා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය අනුරාධපුර මාධ්‍ය විද්‍යාලයේ චමත්කා සත්සරණී විසින් දිනා ගනු ලැබුවාය. ඔවුන්ගේ දක්ෂතාවයන් වූයේ පිළිවෙලින් මීටර් 6.27ක් සහ 4.89 කි.

දුර පැනීමේ ඉසව්ව යටතේ පැවති තරඟ වලින් වයස අවුරුදු 20න් පහළ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොළොන්නරුව ගල්අමුණ මහ විද්‍යාලයේ කේ.එම්.කේ චතුමිණ කරුණාරත්න සම්මාන හිමි කර ගනු ලැබූ අතර ඔහුගේ දක්ෂතාවය මීටර් 7.19 විය. දුර පැනීමේ ඉසව්වේ බාලිකා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අනුරාධපුර මාධ්‍ය විද්‍යාලයේ එස්.පී.ඒ.එල් නිමේෂිකා චන්ද්‍රසේන සම්මාන දිනා ගැනීමට සමත් වූයේ මීටර් 4.80ක දක්ෂතාවයක් පෙන්නුම් කරමිණි.

CBL සමපෝෂ යනු CBL සමූහයේ පුර්ණ අනුබද්ධිත සමාගමක් වන Plenty Foods (Pvt) Limited හි ප්‍රධානතම නිෂ්පාදන සන්නාමය වේ. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගමක් ලෙස සැලකෙන CBL සමූහය පාරිභෝගික අවශ්‍යතා වලට සරිලන පරිදි ඉතා පුළුල් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට නිකුත් කරන අතරම, සිය නිෂ්පාදන ක්‍රියාවලිය හරහා සැපයුම් දාමයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් බලගැන්වීමට ද නිරන්තරයෙන් කැපවෙන සමාගමකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව