උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය අගෝස්තු 19 වැනිදා ඇරැඹේ

1723436718102 (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 19 වැනිදා සිට 25 දින දක්වා අනුරාධපුර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

 



 

මේ ශූරතාවලියට කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල විවෘත තරග, අවුරුදු 11න් අවුරුදු 19න් පහළ දක්වා බාලක බාලිකා ඒකල හා යුගල තරග, අවුරුදු 30ට ඉහළ වයස් කාණ්ඩයේ සිට අවුරුදු 110 ඒකාබද්ධ වයස් කාණ්ඩය දක්වා කාන්තා හා පිරිමි ඒකල, යුගල, මිශ්‍ර යුගල තරග සමඟ කාන්තා හා පිරිමි ඒකල පරාජිතයන් අතර පළඟ ශුරතා තරග ඇතුළත් ය.

උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය හා මූලික වටයේ තරග අගෝස්තු මස 19 වැනිදා පැවැත්වෙන අතර, 20 වැනිදා  මූලික වටයේ  තරග සමඟ අවසන් 16 දෙනාගේ තරග වටය පැවැත්වීමට නියමිතය. මූලික වටයේ තරග සමඟ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අගෝස්තු මස 21 වැනිදා පැවැත්වෙන අතර, 22 වැනිදා මූලික වටයේ තරග සමඟ අවසන් පූර්ව හා අවසන් තරග ආරම්භ වීමට නියමිතය. මූලික වටයේ තරග සමඟ අවසන් 16 දෙනාගේ තරග වටය අගෝස්තු මස 23 වැනිදාත් පැවැත්වෙනු ඇත. අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව සහ අවසන් මහා තරග අගෝස්තු මස 24 වැනිදා පැවැත්වෙන අතර, තෝරාගත් අවසන් මහා තරග සමඟ සමාප්ති උත්සවය අගෝස්තු මස 25 වැනිදා පැවැත්වෙනු ඇත.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාග සමඟ කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය පවත්වනු ලබන්නේ  Mcfoil,  Mobil, Li-Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වයෙනි.

පසුගිය වසරේ පැවැති උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල ශූරතාව දිනා ගැනීමට ලෝචන ද සිල්වා සමත් වූ අතර, කාන්තා විවෘත ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ රනිත්මා ලියනගේ විසිනි.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව