ඉවෙන්ට් මැක්ස් සංවිධායකත්වයෙන් කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය මාර්තු 15, 16, 17 BMICH හිදී

Event Max Managing Director Mr. Prasad Perera

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙළෙද ප්‍රදර්ශනයක් වන කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය මාර්තු 15,16 හා 17 දිනවල BMICH හිදී පැවැත්වෙන අතර මෙවර එහි සම්පූර්ණ සංවිධාන කටයුතු ඉවෙන්ට් මැක්ස් ආයතනය විසින් සිදු කරනු ලබයි. ප්‍රදර්ශන සහ උත්සව සංවිධානය කිරීමෙහි වසර 18ක අත්දැකීම් සහ පළපුරුද්ද සහිත කීර්තිමත් ආයතනයක් වන ඉවෙන්ට් මැක්ස් ආයතනය කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය දෙසීයකට අධික ප්‍රදර්ශන කුටි සහ අලෙවි සැල් සහිතව උත්කර්ෂවත් ලෙස සංවිධානය කරයි. කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය යාපනය, ගාල්ල සහ මඩකලපුව නගරවලද පැවැත්වීමට නියමිත අතර එ්වායේ සංවිධාන කටයුතුද ඉවෙන්ට් මැක්ස් ආයතනය විසින් සිදු කරනු ලැබීමට නියමිතය.

 



 

ප්‍රදර්ශන, උත්සව හා ඉසව් සංවිධානය සහ මෙහෙයවීම, භාණ්ඩ හා සේවා එළි දැක්වීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, සංවාද, වැඩසටහන්, වැඩමුලු සංවිධානය කිරීම ආදී සේවා රැසක් මැක්ස් ඉවෙන්ට් ආයතනය විසින් සපයනු ලබයි. “මෙරට ඉවෙන්ට් මැනේජ්මන්ට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම අපේ ප්‍රධානම ඉලක්කයයි. Build Sri Lanka ප්‍රදර්ශනයද වසර දහ අටක් පුරා මම ක්‍රියාත්මක කළා. බොහෝ බිස්නස් ඉවෙන්ට්ස්වලදී සමහර ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතන වෙතින් සාධාරණ සේවයක් නොලැබෙන බව මම දැක තිබෙනවා. ඒ තත්ත්වය වෙනස් කරමින් ව්‍යාපාරික හා පාරිභෝගික දෙපිරිසටම ඉහළ සේවාවක් සැපයීම, ජාත්‍යන්තර මට්ටමේ වටිනාකම් සහ අලුත් ගුණාංග ඉවෙන්ට් මැනේජ්මන්ට් ක්ෂේත්‍රයට ගෙන ඒම අපේ ආයතනයේ අපේක්ෂාවයි. ලොකු කුඩා ඕනෑම ව්‍යාපාරයකට හෝ සංවිධානයකට අපේ සේවා සැපයීමට අපි අපේක්ෂාවෙන් සිටිනවා වගේම ඒ කාර්ය  කැපවීමෙන් සහ ඉහළ ප්‍රතිඵල ලැබෙන ආකාරයට මෙහෙයවීම අපේ වගකීම සේ සළකනවා.” ඉවෙන්ට් මැක්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසාද් පෙරේරා මහතා පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව