ඉන්දීය මහ කොමසාරිස්, හොරණ ප්‍රදේශයේ මෑතකදී ආරම්භ කළ TVS ලංකා වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට පැමිණේ

Indian HC’s visit to TVS Pic#1 (LBN)

 



 

 

මෑතකදී සිය වසරක අභිමානවත් ගමන්මඟ සමරන ලද හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද TVS ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බාග්ලේ මහතා පැමිණියේය. මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබාදුන් කළමනාකරුවන් සහ කාර්මික ශිල්පීන් සමග සුහද කතාබහකද නිරත විය.

විශේෂයෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙත ලබාදෙන TVS හි කැපී පෙනෙන දායකත්වය අතිගරු ගෝපාල් බාග්ලේ මහතා ඉතා ඉහළින් අගය කළේය.

එහිදී, අනෙකුත් ඉන්දීය ව්‍යවසායන්ද, TVS හි මෙම මඟපෙන්වීම අනුගමනය කරමින්, වත්මන් අර්බුදය සමග කටයුතු කිරීමටත්, මෙරට ආර්ථිකය පුනර්ජීවනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ රජය සමග අත්වැල් බැඳගනු ඇති බවට ඉන්දීය මහ කොමසාරිස්වරයා විශ්වාසය පළ කළේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට සිය කුසලතා, දක්ෂතා සහ සම්පත් අතින් පිරිනැමීමට බොහෝ දේ ඇති බවද මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

TVS ලංකා පුද්ගලික සමාගමේහි කළමනාකාරීත්වය මෙම අවස්ථාවේ මහ කොමසාරිස්වරයා දැනුවත් කරමින්, ඉන්දියාවේ TVS මෝටර් සමාගම සමග සහයෝගීතාවයෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවට වඩාත් බහුකාර්ය සහ තිරසාර විසඳුම් ගෙනඒමේ TVS හි සැලසුම් පිළිබඳ විස්තර කළේය.

TVS ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය මූලික වශයෙන් ගෝලීය ප්‍රමිතීන්ට සහ ජාත්‍යන්තරව පිළිගත් තාක්‍ෂණික ක්‍රමවේදයන්ට අනුකූලව කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන ලද ”දේශීය අගය එකතු කිරීමේ” සංකල්පය යටතේ යතුරුපැදි එකලස් කිරීම සඳහා ක්‍රියාත්මක වන්නකි.

රුපියල් මිලියන 500කට වඩා වැඩි ආයෝජනයකින් සංස්ථාපිත කරල ලද මෙම වාහන එකලස් කිරීමේ සංකීර්ණය, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට මෙන්ම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ටද බොහෝ වෘත්තීය අවස්ථා ලබාදීමටද මාහැඟි මෙහෙවරක් සපයනු ඇත.

මෙහිදී අදහස් දක්වමින්, TVS ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ගීතාල් ඇන්තනි මහතා මෙසේ පවසා සිටියේය. ”රුපියල අවප්‍රමාණය වීම කළමනාකරණය කිරීම සඳහා දැනට ක්‍රියාත්මකව පවතින ආනයන සීමා කිරීම් මධ්‍යයේ මේ ප්‍රයත්නය විශේෂයෙන්ම කාලෝචිත එකක් බව අප තරයේ විශ්වාස කරනවා. එහිදී, වෙළෙඳපොළ ප්‍රමුඛයා වශයෙන්, කාලයාගේ ඇවෑමෙන් ආනයනික අවශ්‍යතාව අවසන් කර, ශ්‍රී ලංකාව යතුරුපැදිවලින් ස්වයංපෝෂිත කිරීමටද TVS කැපවී සිටිනවා.”

මීට වසර 20කට පෙර එහි ආරම්භයේ සිටම, TVS ලංකා පුද්ගලික සමාගම 2016 වසරේ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ”වසරේ විශිෂ්ටතම සන්නාමය” යන සම්මානය ඇතුළු බොහෝ ඇගයීම්වලින් පිදුම් ලබා ඇත.

TVS ලංකා පුද්ගලික සමාගම විසින් TVS සන්නාමය සහිත යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ TVS නියම අමතර කොටස් මෙන්ම, Sonalika ට්‍රැක්ටර් සහ නියම අමතර කොටස් එකී ඔරිජිනල් සන්නාමයන්ගෙන්ම යුතු (OE) පුළුල් නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන් වෙත ගෙනඑයි. එසේම, අලෙවියෙන් පසු සේවාවන් හිදී TVS ටයර්, ටියුබ්, UCAP අමතර කොටස්, UCAP බැටරි, UCAP ෆිල්ටර් සහ UCAP ලිහිසි තෙල් ආදී නිෂ්පාදන පෙළක්ද නියෝජනය කරයි.

TVS ලංකා පුද්ගලික සමාගම සතුව TVS සහ UCAP ආශ්‍රිත සේවාවන් පිරිනමමින් ශ්‍රී ලංකාව පුරා විහිදුණු 2,000කට අධික පුළුල් අලෙවි නියෝජිත ජාලයක් ඇත.

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව