ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපළ සැළකිය යුතු ලෙස ශක්තිමත් කරමින් ඉන්දියාවේ ප්‍රමුඛපෙළේ තෙල් දැවැන්තයින් අතර සිටින සීමාසහිත හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් (HCPL) හි සමාගමක් වන HP ලුබ්රිකන්ට්ස් සී වර්ල්ඩ් ලංකා (පුද්ගලික) සමාගම සමඟ සහයෝගීතාවයෙන් දේශීය වෙළඳපළට ප්‍රවේශ වී ඇත.
මෙරට අත්‍යවශ්‍ය වන අංශයක් තුළ ශ්‍රී ලංකා – ඉන්දියා වෙළඳ සබඳතා ඉදිරියට ගෙන යන මෙම විශේෂ එළිදැක්වීම, කොළඹ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දියානු මහ කොමසාරිස් ආචාර්ය එච්. ඊ. සත්‍යාන්ජල් පාණ්ඩේ මහතා යි.
මෙම අවස්ථාවට HCPL හි අලෙවි අධ්‍යක්ෂක අමිත් ගාර්ග් මහතා සමඟින් HCPL හි ලිහිසි තෙල් ව්‍යාපාරික අංශයේ විධායක අධ්‍යක්ෂක Ch. ශ්‍රීනිවාස් මහතා හා ජාත්‍යන්තර විකුණුම් පිළිබඳ සාමාන්‍යාධිකාරී ශංකර් ජගනාදන් මහතා යන ඉහළ නිළධාරීන් සහභාගී විය. කාර්ප්ලෑන් ලුබ්රිකන්ට්ස් හි සභාපති මහේන් තම්බයියා මහතා, සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ඇන්ඩෘ පෙරේරා මහතා සහ එම කණ්ඩායම ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
HP ලුබ්රිකන්ට්ස් හි ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත සී වර්ල්ඩ් ලංකා (පුද්ගලික) සමාගමෙහි එකම බෙදාහරින්නා වන කාර්ප්ලෑන් ලුබ්රිකන්ට්ස් වෙතින් වෙළඳපළේ ගුණාත්මකභාවය සහ විකල්ප නිෂ්පාදන ප්‍රමාණය සැළකිය යුතු ලෙස වැඩි කිරීම මෙන් ම දේශීය මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයේ නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්‍රයේ ලිහිසි අවශ්‍යතා සපුරාලමින් සුපතල මෝටර් රථ ලිහිසි තෙල්, කාර්මික අංශයේ ලිහිසි තෙල් සහ සමුද්‍ර තෙල් වර්ග මෙන් ම ග්‍රීස් හා වෙනත් විශේෂිත නිෂ්පාදන ද ඇතුළත් පුළුල් නිෂ්පාදන පෙළක් ගෙන එයි.
මෝටර් රථ තෙල් කාණ්ඩයේ නිෂ්පාදන පරාසයට ඇතුළත් වන නිෂ්පාදන අතර ඩීසල් සහ පෙට්‍රල් එන්ජින්, හයිබි්‍රඩ් එන්ජින්, යතුරුපැදි හා ත්‍රී රෝද රථ සඳහා වන ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් SLS සහතිකය ලත් බහු ශ්‍රේණියේ තෙල් වර්ග; ස්වයංක්‍රීය හා අතින් ක්‍රියා කරවන ගියර් සඳහා වන තෙල්; දුම්රිය තෙල්; තිරිංග සඳහා වන තෙල්, විදුලි වාහන සඳහා අනුකූල වන තෙල් වර්ග, ග්‍රීස් සහ ට්‍රැක්ටර් තෙල් ද වේ.
සැළකිය යුතු කරුණක් වන්නේ, HP ලුබ්රිකන්ට්ස් හට මර්සිඩීස් බෙන්ස්, රෝල්ස් රොයිස්, පෝර්ෂ්, වොල්වෝ, VW, රෙනෝ, මැක්, CAT සහ අශෝක් ලේලන්ඩ් වැනි සුප්‍රසිද්ධ ගෝලීය මෝටර් රථ සන්නාමයන් සඳහා නිෂ්පාදකයා සපයන උපාංග ලෙස අනුමැතිය ලැබීමයි. තවද HP සමාගම JCB, බජාජ්, රෝයල් එන්ෆීල්ඩ්, MRF සහ BOSCH හි ප්‍රමුඛතම සැපයුම්කරුවන් අතර ද සිටියි.
සියලුම HP ලුබ්රිකන්ට්ස් නිෂ්පාදන නිපදවා ඇත්තේ එන්ජිමට වැඩි ආරක්ෂාවක්, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක්, පුළුල් අනුකූලතාවයන් සහ ආන්තික තත්ත්වයන් යටතේ ඉහළ ක්‍රියාකාරීත්වයක් ලබා දීම සඳහා වන අතර ඒවා සියල්ල පරිසර හිතකාමී නිෂ්පදන වන බව සමාගම පවසයි.
සී වර්ල්ඩ් ලංකා (පුද්ගලික) සමාගම පැවසූයේ දැනටමත් බස්නාහිර, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල ප්‍රධාන නගර සහ ප්‍රදේශයන් ආවරණය වන පරිදි බෙදාහරින්නන් ලියාපදිංචි කර ඇති බවත් අනෙකුත් පළාත් සඳහා නුදුරේදීම බෙදාහරින්නන් පත් කිරීමට නියමිත බවත්ය.