
ඉන්දියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතන රැසක් එකම වහලක් යට
2022 මාර්තු 19, කොළඹ: AFAIRS Exhibitions & Media මගින් සංවිධානය කරනු ලබන ‘Study in India’ ප්‍රදර්ශනය 2022 මාර්තු 26 සහ 27 දෙදින තුළ පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ. මෙම වැඩසටහනේ ප්‍රධාන හවුල්කරු වන ඉන්දියානු රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘතියක් වන ‘Study in India’ යටතේ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.
‘Study in India’ ව්‍යාපෘතිය සමග සම්බන්ධ වී සිටින, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන ලෙස සැලකෙන IIT Madras, IIT Ropar, සහ NIT Silchar වැනි ආයතන මෙන්ම ඉන්දියාවේ තවත් ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්වී සිටී.
මෙම ප්‍රදර්ශනයේදී ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමග සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික සිසුන්ට හා දෙමාපියන්ට අවස්ථාව උදා වේ. එය ඔවුන්ට අදාළ ආයතන නියෝජනය කරන කණ්ඩායම් සමග සාකච්ඡා කර, අවශ්‍ය සියලු තොරතුරු එකම වහලක් යටදී ලබාගැනීමටත් ලැබෙන මහඟු අවස්ථාවකි.
‘Study in India’ ව්‍යාපෘතිය හරහා විදේශ රටවල සිසුන්ට ඉන්දියාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දීම සඳහා ඉන්දීය රජයේ අරමුණ වී තිබේ.
ජාත්‍යන්තර IB සහ බ්‍රිතාන්‍ය විෂය මාලාවන් යටතේ ඉගැන්වීම් සිදුකරන, ඉන්දියාවේ ප්‍රමුඛතම නේවාසික පාසල් 8 ක්ද මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, මෙම පාසල් සඳහා 3 ශ්‍රේණියේ සිට ඉහළට සිසුන් ඇතුළත් කර ගැනෙනු ඇත. බැංගලෝර්, හයිද්‍රාබාද්, මුසූරි සහ දෙහ්රාදූන් යන ප්‍රදේශ වල මෙම පාසල් පිහිටා තිබේ. මේ සියලුම පාසල් විශාල භූමිභාගයන්හි පිහිටි, අති-නවීන පහසුකම් සහිත, ඉහළම තලයේ අධ්‍යාපනයකට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදීමට අවස්ථාව සලසා දෙන පාසල් ය. එමෙන්ම විදේශීය සිසුන්ට හොඳින් ගැළපෙන සුහදශීලී හා ආරක්‍ෂිත පරිසරයක් මෙම පාසල් හා අධ්‍යාපන ආයතන තුළ පවත්වාගෙන යනු ලබයි.
චෙන්නායි, වෙල්ලෝර්, බැංගලෝර්, හයිද්‍රාබාද්, පූනේ, දිල්ලි සහ භූබනේශ්වර් වැනි ප්‍රදේශ වල පිහිටි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 30 කට අධික සංඛ්‍යාවක්ද මෙම ප්‍රදර්ශනය සමග එක්ව සිටී. NAAC සහතිකකරණය හිමි මෙම විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන NIRF සහ QS මගින්ද ශ්‍රේණිගත කර තිබේ. ශ්‍රී ලාංකික සිසුන්ට මෙම ආයතන වලදී ඉංජිනේරුකරණය, විද්‍යාව, කළමනාකරණය සහ ලිබරල් අධ්‍යාපනය වැනි විෂය ක්ෂේත්‍ර යටතේ ප්‍රථම උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව හිමිවනු ඇති අතර, සුදුසුකම් සපුරන සිසුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල වල ශිෂ්‍යත්ව හිමිකර ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත.
ප්‍රදර්ශනය පැවැත්වෙන දෙදින තුළ සිසුන් සහ දෙමාපියන් වෙනුවෙන්, ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන විශේෂඥයන් සහ විද්වතුන් සහභාගී වන සම්මන්ත්‍රණ මාලාවක්ද පැවැත්වේ. මාර්තු 26 සහ 27 දිනවල පස්වරු 3.00 සිට පස්වරු 4.00 දක්වා ‘ඉන්දියානු උසස් අධ්‍යාපනය: ගෝලීය අනාගතය සඳහා සූදානම් වීම’ යන තේමාව යටතේ සහ, එම දෙදින තුළ පස්වරු 4.00 සිට පස්වරු 5.00 දක්වා ‘ජාත්‍යන්තර නේවාසික පාසල්: ඔබේ දරුවාගේ අනාගතය හැඩගැස්වීම’ යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණ පැවැත්වෙනු ඇත.
“විදේශ රටවල සිසුන්ට ප්‍රමුඛ පෙළේ ඉන්දියානු උසස් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීම අපගේ මූලික අරමුණ වී තිබෙනවා. ‘Study in India Expo 2022’ සංවිධානය කරන AFAIRS සමාගම, ආසියානු සහ මැද පෙරදිග කලාප වල රටවලට විශිෂ්ටතම මට්ටමේ ඉන්දියානු අධ්‍යාපනය හඳුන්වා දීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින් සිටින සමාගමක්. මෙම ප්‍රදර්ශනය සිසුන් තුළත් දෙමාපියන් තුළත් ඉන්දියාවේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පැහැදිලි විශ්වාසයක් ඇතිකිරීමට සමත් වේවි. ඉදිරියටත් විදේශීය සිසුන් සහ ඉන්දියානු අධ්‍යාපන ආයතන සම්බන්ධ කරන ප්‍රධානතම ආයතනය ලෙස කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” AFAIRS Exhibitions & Media (පුද්.) සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව් බෝලියා මහතා පැවසී ය.