ඉන්ටෙක්ස් ශ්‍රී ලංකා 12 වැනි වරටත් BMICH හී දී ඇරැඹේ

Capture 3 - Copy (LBN)

 



 

 

මෙරට ව්‍යාපාරික ප්‍රජාව අතර ජාත්‍යන්තර වෙළෙඳාම තවදුරටත් ප්‍රබෝධමත් කිරීම සඳහා ඉන්ටෙක්ස් -2023 යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම ප්‍රදර්ශනය අද ආරම්භ වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් ආචාර්ය සත්‍යජාල් පාණ්ඩේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක ආචාර්ය කිංග්ස්ලි බර්නාඩ් ගෞරවනීය අමුත්තා ලෙස සහභාගි වූහ.

ඉන්දුනීසියාව, මැලේසියාව සහ කොරියාව රටවල ගරු තානාපතිවරුන් මෙන්ම තුර්කිය, ඊජිප්තුව සහ බංග්ලාදේශය වැනි රටවල වෙනත් විදේශීය දූත මණ්ඩලවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ ද මේ අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය (SLABA), ශ්‍රී ලංකා ඇඟලුම් අමුද්‍රව්‍ය සංගමය (SLASA), ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA),  ශ්‍රී ලංකා රෙදිපිළි අපනයනකරුවන්ගේ මණ්ඩලය (SLCGE) සහ නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය (FTZMA) වැනි කර්මාන්ත ආයතනවල ප්‍රධානීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

අද සිට ලබන 11 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ඉන්ටෙක්ස් ප්‍රදර්ශනය යනු ඇඟලුම් කාර්මාන්තය සඳහා නූල්, රෙදි, ඩෙනිම්,ඩයි සහ තවත් දෑ සඳහා දකුණු ආසියාවේ ප්‍රමුඛපෙළේ රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය වේ.

ඉන්ටෙක්ස් ශ්‍රී ලංකා ගෝලීය ව්‍යාපාරික ජාලයේ සමස්ත රෙදිපිළි මූලාශ්‍ර එකම වේදිකාවක් මත සාර්ථකව ඒකාබද්ධ කර තිබේ. විවිධ වර්ගයේ අමුද්‍රව්‍ය නිරතුරුවම ඉහළ මට්ටමක පවතින රටක, ඉන්ටෙක්ස් විසින් ව්‍යාපාරවලට නව වෙළෙඳපොළ අවස්ථා ගවේෂණය කිරීමට මෙන්ම නව සැපයුම්කරුවන් සහ නව නිෂ්පාදන සහ සේවා සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලාංකීය කර්මාන්තයට සහය ලබා දෙනු ඇත.

විවිධ අභියෝග හමුවේ සැපයුම් පවත්වාගෙන යෑමට ඇති කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ලොව පුරා ඇඟලුම් සන්නාම සඳහා වඩාත් සදාචාරාත්මක හා විශ්වාසනීය මූලාශ්‍ර හවුල්කරුවකු ලෙස සැලකෙන අතර, ඉන්ටෙක්ස් ශ්‍රී ලාංකීය කර්මාන්තයට සිය ගෝලීය නිෂ්පාදන පරාසය ශක්තිමත් කිරීමට තවදුරටත් සහාය වීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

‘වසර 2015 සිට ඉන්ටෙක්ස් ව්‍යාපාරික සහයෝගිතාවන් සඳහා පහසුකම් සැලසීම, නවෝත්පාදනයන් දිරිමත් කරවීම සහ වෙළෙඳ අවස්ථා ප්‍රවර්ධනය කිරීම මෙන්ම ජාත්‍යන්තර, අන්තර් කලාපීය අන්තර් පුද්ගල බැඳීම් ශක්තිමත් වැනි සාමුහික ප්‍රයත්න මගින් රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය සඳහා යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට කල්පවතින හවුල්කාරීත්වයක් සිදු කරන බව මට විශ්වාසයි.‘ ඉන්ටෙක්ස් ශ්‍රී ලංකා සංවිධායකවරුන් වන වර්ල්ඩෙක්ස් ඉන්දියා හි විධායක අධ්‍යක්ෂිකා ආර්ති බගාට් මෙහිදී ප්‍රකාශ කළාය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, හොංකොං, චීනය, කොරියාව, තායිවානය,  අමෙරිකාව,   බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් 10කට වැඩි ප්‍රදර්ශකයන් හරහා ගෝලීය හා දකුණු ආසියානු සැපයුම්කරුවන් මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. මීට අමතරව සමස්ත රෙදිපිළි ක්‍රියාවලිය නියෝජනය කරන ඉන්දීය සමාගම් 50කට වැඩි ප්‍රමාණයක් ද ශ්‍රී ලාංකීය රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය සමඟ අත්වැල් බැඳ සිටිති.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව අන්තර් ක්‍රියාකාරී ව්‍යාපාරික සංසදය (IBF) ජාත්‍යන්තරය ගවේෂණය කිරීමට හා පුළුල් කිරීමට කර්මාන්ත ප්‍රයත්නයට සහාය වීම සඳහා ඉහළ මට්ටමේ වෙළෙඳපොළ බුද්ධිය ලබාදීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනු ලැබේ.

ඉන්ටෙක්ස් ශ්‍රී ලංකාව තුළ සිය පැවැත්ම අඛණ්ඩව වර්ධනය කරමින් දකුණු ආසියාවේ සහ ලොව පුරා ශ්‍රී ලාංකේය කර්මාන්තය සඳහා නව ව්‍යාපාරික අවස්ථා ස්ථාපිත කිරීමට අපේක්ෂා කරයි.

වැඩි විස්තර සඳහා කරුණාකර sl.intexsouthasia.com  වෙත පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව