ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් (IDC) විශිෂ්ටම දන්ත රෝහල ලෙස Pinnacle සම්මාන දිනයි

International Dental Care (LBN)

මාතර පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික දන්ත රෝහලක් වන ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් (IDC) Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දන්ත රෝහල ලෙස සම්මාන ලැබුවේය. ආයතනයේ නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය සන්ද්‍යානි අමරසිංහ මහත්මිය වෙත හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සම්මානය පිරිනමන ලදී. 2013දී ඇරැඹුණු IDC රෝහල දිවයින පුරා රෝගීන්ට දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයන විශිෂ්ට දන්ත රෝහලක් ලෙස කීර්තියක් දිනා ඇත. ශ්‍රී ලාංකික රෝගීන්ට අමතරව අමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල රෝගීහුද ගුණාත්මක දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට එහි පැමිණෙති.

තංගල්ල පාර, පල්ලිමුල්ල, මාතර ලිපිනයේ පිහිටි IDC රෝහලලෙන් පුළුල් පරාසයක දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලැබිය හැකිය. දත් ගැලවීම, දත් පිරවීම, දත් සුද්ද කිරීම, ස්නායු පිරවීම, ස්ථීරව දත් බැඳීම, කුඩා ළමුන් සදහා දන්ත ප්‍රතිකාර සැපැයීම, විකෘති දත් සැකැසීම (Plate දැමීම), දත් සිටුවීම ආදී සේවා රැසක් එම රෝහල සපයයි. නවීන තාක්ෂණය සහ නවීන උපාංග භාවිතා කරන බැවින් වේදනාවකින් තොර දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලැබිමට රෝගීන්ට අවස්ථාව ලැබේ. මිත්‍රශීලී සහ පළපුරුදු කාර්ය මණ්ඩලය ගුණාත්මක සහ ඵලදායි ප්‍රතිකාර සැපයීමට අමතරව දන්ත සෞඛ්‍යය දීර්ඝ කාලීනව යහපත් ලෙස පවත්වා ගැනීමට  උපදෙස් සපයයි. යහපත් දන්ත සෞඛ්‍යයක් පවත්වා ගැනීමෙන් සෑම පුද්ගලයෙකුටම විශ්වාසයෙන් යුතුව සිනාසීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීම එම ආයතනයේ දැක්ම වේ. “මෙම ජයග්‍රහණය මට වාගේම මගේ කාර්ය මණ්ඩලයටත් විශාල ආඩම්බරයක්. අප හැම දෙනාගේම උත්සාහය, කැපවීම හා රෝගීන් අප කෙරෙහි තැබූ විශ්වාසය නිසා අපට මේ සම්මානය ලැබුණා.” අමරසිංහ මහත්මිය පැවසුවාය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව