ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන මණ්ඩලයේ නියෝජිත කණ්ඩායමක් YADEN LABORATORIES (PVT) LTD සමාගමේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙයි

05 (LBN)




 

ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන මණ්ඩලයේ (USFDA) නිලධාරීහු පිරිසක් පසු ගිය දා කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටා ඇති, අති නවීන ජීවානුහරණය කරන ලද නික්ෂේපණ ද්‍රාවණ එන්නත්  (ඖෂධ) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන YADEN LABORATORIES  හි නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන ක්‍රමවේදය සහ තත්ත්ව පාලන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් NMRA විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට සමගාමී ව මෙම සංචාරය සංවිධානය කෙරිණි.

USFDA බලධාරීන් Yaden Laboratories කර්මාන්තශාලාවේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය ඇගයීමට ලක් කළ අතර,  දේශීය ඖෂධ නිෂ්පාදකයින් මුහුණ දෙන වත්මන් අභියෝග පිළිබඳ ව මෙන් ම, සැපයුම් දාමය වැඩිදියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග  පිළිබඳ ව ද මෙම සංචාරය අතරතුර දී වැඩි දුරටත් සාකච්ඡා කෙරිණි.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව