ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 15 ක ණයක්

Sanjana T. Fernando,

 



 

 

 

ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ නියෝජිතායතනය වන වොෂින්ටනයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම (US DFC) වෙතින් ශ‍්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ශ්‍රේණිගත BPPL Holdings PLC සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ණයක් ලබා ගැනීමට STF Corporate Advisory සමත් විය.

BPPL Holdings PLC යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අනුකූල සමාගමකි. BPPL විසින් අපද්‍රව්‍ය ප්ලාස්ටික් බෝතල් එකතු කරන අතර එය එසේ නොවුවහොත් එම අපද්‍රව්‍ය මුහුදට එකතු වී සාගර දුෂණයට තුඩු දෙනු ඇත. ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් බවට පරිවර්තනය කරන අතර එය Nike සහ Decathlon වැනි ජාත්‍යන්තර ක‍්‍රීඩා ඇඳුම් සන්නාමයන් විසින් භාවිතා කරනු ලැබේ. මෙම ශ‍්‍රී ලාංකේය සමාගම 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායම් ලබන ආසියාවේ හොඳම සමාගම් 200 අතරට කීර්තිමත් ෆෝබ්ස් ඒෂියා විසින් ශ්‍රේණිගත කරන ලදී.

”BPPL යනු මෙරටට නිහඩ සේවයක් ඉටු කරන මෙන්ම ESG සමාගමක නිරූපකයක් ලෙස ඉතා හොඳින් පවත්වාගෙන යන සමාගමක්. මෙය පරිසරය සුරැුකීමේ අමිල සේවාවක නිරත වන අතරම ප‍්‍රතිචකී‍්‍රයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් අපනයනය කිරීම හරහා ශ‍්‍රී ලංකාට අවශ්‍ය ඩොලර් ගෙන එමින් ආර්ථිකයට ශක්තියක් වන බව අපිට පේනවා. අපට මෙම ව්‍යාපාරය දියුණු කරගැනීම වෙනුවෙන් උපකාර කිරීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රාග්ධන අරමුදල් මූලාශ‍්‍ර සහ සුරක්ෂිත කිරීමේ වගකීම භාර ගත්තා. ශ‍්‍රී ලංකාවේ පවතින ඉතා අභියෝගාත්මක ඩොලර් අර්බුදය මධ්‍යයේ වුවද අවසානයේ BPPL වෙත US DFC වෙතින් ඩොලර් මිලියන 15 ක ණයක් ලබා ගැනීමට උපකාර කිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙන් STF Corporate Advisory කළමනාකාර අධ්‍යක්ෂ සංජන ටී. ප‍්‍රනාන්දු මහතා පැවසුවේය.

”අපගේ සමාගමේ වර්ධනය සඳහා ප‍්‍රාග්ධන රැස්කිරීම පිළිබඳ අදහස් සහ උපාය මාර්ග කිහිපයක් සමඟින් STF Corporate Advisory මීට වසරකට පමණ පෙර අප සමඟ සම්බන්ධ වුණා. අරමුදල් ලබාදෙන ආයෝජකයින් සහ ජාත්‍යන්තර පිටුබලය ලබන සංවර්ධන මූල්‍ය සංස්ථා කිහිපයක් ඇතුළුව ඉහළ මට්ටමේ ජාත්‍යන්තර ආයෝජකයින් සහ ණය දෙන්නන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉක්මනින් සාකච්ඡුා මේසයට ගෙන ඒමේ ඔවුන්ගේ හැකියාව පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. STF සමාගම ප‍්‍රාග්ධන පිරිවැයේ වැදගත්කම අවබෝධ කරගත් අතර සෑම විටම සමාගමේ දිගුකාලීන අවශ්‍යතා වෙනුවෙන් කැපවුණා. ඔවුන් ඉතා වෘත්තීය මට්ටමින් ගනුදෙනු කළා. සාර්ථක ණය ගනුදෙනු සඳහා ජාත්‍යන්තර අත්දැකීම්, ක‍්‍රියාත්මක කිරීමේ සහ සම්පූර්ණ කිරීමේ හැකියාව තුළින් STF අපට ලබාදුන් උපදෙස් ගැන අපි වඩාත් සතුටු වෙනවා.” යැයි BPPL Holdings PLC කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා පැවසුවේය.

DFC විසින් සපයනු ලබන ණය සඳහා වසර තුනක සහන කාලයක් සහිත වසර 10ක භුක්ති කාලයක් ඇති අතර එය නියාමන අනුමැතියට යටත් වේ.

STF Corporate Advisory යනු සංජනා ටී. ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙලේ ලැයිස්තුගත සමාගම්වලට M&A සහ ණය සහ කොටස් ප‍්‍රාග්ධන රැස්කිරීම් සම්බන්ධයෙන් උපදෙස් දීම කෙරෙහි අවධානය යොමු කරන මෙල්බර්න් පදනම් කරගත් ආයෝජන බැංකු උපදේශක සමාගමකි. මින් පෙර STF Corporate Advisory; John Keells Holdings, Hayleys, LOLC Holdings සහ Browns Investments ඇතුළු ශ‍්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් කිහිපයක් සමඟ කටයුතු කරන ලදි. ඉතා මෑතක දී, ඔවුන් ස්පාඤ්ඤයේ සංචාර ව්‍යාපාරික දැවැන්තයෙක් වන Barcelo Hotel Group මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 30 ක කොටස් ආයෝජනයක් ලබාගැනීම සඳහා LOLC Holding’s Browns Investments වෙත උපදෙස් ලබා දෙන ලදී.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව