
COVID-19 වසංගතය අතරතුර සියලූම වෛද්‍ය හා සෞඛ්‍ය සේවකයින් මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ගේ අපරිමිත සේවය අගයමින් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) පැවසුවේ මෙම ඇඳිරි නීති කාලය තුළ පීඩනය යටතේ ඖෂධ ආනයනකරුවන්, බෙදාහරින්නන්, ඖෂධ සැල් මෙන්ම නියාමකයින් කළ සේවය වෙනුවෙන් ඔවුන්ට විශේෂයෙන් ස්තූතිවන්ත වන බවයි.
COVID-19 වසංගතයට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමක් ලෙස, සෑම පුද්ගලයෙකුගේම ඖෂධ හා සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමට ඖෂධසැල් හා ඖෂධවේදීන් සමඟ එක්ව බෙදාහැරීමේ රියදුරන් ඇතුළුව සැපයුම් ජාල හා සැපයුම්කරුවන් වෙහෙස මහන්සි වී වැඩ කරන බව අපේ‍්‍රල් 7 වනදාට යෙදුන ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් SLCPI පවසයි.
’‘මෙම ගෝලීය වසංගතය හේතුවෙන් සමාගම් තම ව්‍යාපාර ඉදිරියට කරගෙන යන ආකාරය පිළිබඳව නැවත සිතා බැලීමේ තත්වයට පත්ව ඇත. වෙනස් වන රජයේ ප්‍රමුඛතාවන් මගින් වඩාත් නරක අතට හැරුණු අනපේක්ෂිත තත්වයකට අනුගත වීමට ද ඔවුන්ට සිදුව ඇත. අනෙක් අතට, ලොව පුරා දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බිලිගත් මෙම වසංගතයට ප්‍රතිකාරයක් සෙවීම සඳහා වෛද්‍ය පර්යේෂකයින් පැය 24 පුරා වැඩ කරන අයුරු අපට දකින්ට පුළුවන්,’’ යනුවෙන් SLCPI හි සභාපතිනී, කස්තුරි චෙල්ලරාජා මහත්මිය පැවසුවාය.
‘‘ඖෂධ ක්ෂේත්රය රටේ සෞඛ්‍ය සේවා පද්ධතියේ තීරණාත්මක කොටසක් වන අතර පසුගිය සති කිහිපය තුළ බෙහෙත් වට්ටෝරුවට අනුව ඖෂධ ලබා දීම, වෙනත් නිෂ්පාදන, උපදෙස් හා සහතික කිරීම ආදිය ඉහළ ගොස් ඇති බව දක්නට තිබෙනවා’’, සෞඛ්‍ය සේවයේ ඉදිරියෙන් සිටින කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් හා ප්‍රජාවන්ට අත්‍යාවශ්‍යය ඖෂධ ලබා ගත හැකි බවට සහතික කරමින් ඔවුන් මේ වන විට දැඩි පීඩනයකට ලක්ව සිටිනවා. ඔවුන්ගේ මෙම ප්රයත්නයන් ඇත්තෙන්ම අගය කළ යුතුයි සහ ප්‍රශංසා කළ යුතුයි’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
තවද, වෙහෙස නොබලා වැඩ කරන ඖෂධසැල්වලට උපකාර වන ලෙස ද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ;
- වියළි, නොනවතින කැස්ස, උණ හෝ හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔසුසැල්වලට යාමෙන් වළකින්න.
- ඉවසිලිවන්ත වන්නx සියලූම ඔසුසැල් විශාල පීඩානයකට ලක්ව ඇති අතර ඔබට අවශ්‍ය දේ ලබා දීම සඳහා පැය 24 පුරා සේවය කරයි.
- සාමාන්‍ය පරිදි ඖෂධ ඇණවුම් කරන්න. අමතර බෙහෙත් වට්ටෝරු ඇණවුම් කිරීම හා බෙහෙත් වට්ටෝරුවකට අනුව ඖෂධ ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී ගැනීම ඖෂධ සැපයුම් ජාලයට බාධා විය හැකිය.
අවසාන වශයෙන්, ඖෂධවේදීන්ට උපහාරයක් වශයෙන්, ‘‘ඔබ මෙම වෛරසයට එරෙහි යුද්ධයේදී ඉදිරියෙන්ම සිටින කොටසක්, ඒ වෙනුවෙන් අපි ඔබට ආචාර කරන්නෙමු.’’ යනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය පැවසුවේය.