පිළිවෙලින් දෙවැනි වර්ෂයටත් වැඩිම ජනතා මනාපය රැකගනිමින් ඉදිරියටම
2021 මාර්තු 24, කොළඹ – ඇට්ලස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් සැපයුම් සන්නාමය ලෙස වර්ෂ 60කට අධික කාලයක සිට දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් උසස් ප්‍රමිතියේ පාසල් උපකරණ සැපයීමෙහි නිරතව සිටී. එම කැපවීම අගයමින් ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවගේ ඉහළම තේරීම ලෙස 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ පාසල් සැපයුම් සන්නාමය’ ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් විය. මෙවර පැවති SLIM ජනතා සම්මාන උළෙලේදී ඇට්ලස්, මෙම සම්මානයට හිමිකම් කීවේ පිළිවෙලින් දෙවැනි වර්ෂයටයි.
ආයතනික ක්ෂේත්රයෙහි අලෙවිකරණ සම්මාන උළෙලවල් අතරින් ජනතා තේරීම මත පදනම්ව සන්නාමයන් වෙත සම්මානනීය නිර්දේශයන් හා ඇගයීම් හිමිවන SLIM ජනතා සම්මාන උළෙලේදී, ඇට්ලස් සන්නාමය මෙලෙස ඇගයීමට ලක්වීම මගින් පාසල් උපකරණ සැපයුම් ව්‍යාපාර අංශය තුල ඇට්ලස් නිෂ්පාදන විශිෂ්ටත්වයෙන් උපරිම බවට පාරිභෝගිකයා සතු විශ්වාසය කිසි ලෙසකින් හෝ අඩු වී නොමැති බව පැහැදිලි වේ. විශිෂ්ට නිමාවකින් හා උසස් ප්‍රමිතියකින් යුත් පාසල් උපකරණ ශ්‍රී ලාංකීය දූ දරුවන් වෙත ලබාදෙමින් ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සුරක්ෂිතව, පහසුවට මෙන්ම විනෝදයෙන් කරගෙන යන්නට අවශ්‍ය අනුබලය ලබා දීමට ඇට්ලස් සමාගම කැපවී සිටී. පාරිභෝගික ජනතා කැමැත්තෙන් ඇට්ලස් සන්නාමය අංක 01 සන්නාමයක් බවට පත්වීම මගින් පෙනී යන්නේ එම කැපවීම ඉතා සාර්ථක මට්ටමක පවතින බවයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඒ සඳහා ඇට්ලස් සන්නාමය වෙත සිය විශ්වාසනීය මනාපය පළ කරන ලද පාරිභෝගික ජනතාව වෙත සිය ස්තූතිය පිරිනමන ඇට්ලස් ඇක්සීලියා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ – අසිත සමරවීර මහතා මෙසේ පවසා සිටී. “මේ රටේ දරුවන්ට ඉදිරියට යන්නට අවශ්‍ය පදනම නිර්මාණය කරදෙන අධ්‍යාපන කටයුතු විනෝද ජනක ආකාරයට හදාරන්නට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට ඇට්ලස් සමාගම සෑම විටම කටයුතු කරනවා. ඒ ඉලක්කය මූලික කරගනිමින් ඇට්ලස් සමාගමේ පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම් නිරන්තරවම නිෂ්පාදන අත්හදා බැලීම් සිදුකරනවා. ඒ හරහා අපේ දූ දරුවන්ගේ යහපැවැත්ම, පහසුව හා සුරක්ෂිතතාවය ආරක්ෂා වෙන නව්‍යකරණයෙන් යුතු විශිෂ්ටතම පාසල් උපකරණ නිෂ්පාදනය කරමින් ඇට්ලස් විශිෂ්ටත්වය රඳා පවත්වාගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලාංකික දූ දරුවන් මිලියන 4.2කට ආසන්න ප්රමාණයකගේ අධ්‍යාපන ගමන් මග සවිමත් කරන්නට දායක වන අපගේ නිෂ්පාදන විශිෂ්ට නිමාවකින් යුක්ත වනවා පමණක් නොවෙයි පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට වෙළෙඳපොලට යොමුකරන්නත් අපි කටයුතු කරනවා. ලොවටම ඇසෙන්නට ඇට්ලස් සන්නාමයේ විශිෂ්ටත්වය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජනතා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්කරන්නට දායක වූ අපගේ විශ්වාසනීය පාරිභෝගික පිරිස වෙත මගේත් ඇට්ලස් සමාගමේ සහෝදර සේවක පිරිසගේත් ආඩම්බරය මුසු ස්තූතිය පල කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් SLIM ජනතා සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර, ප්‍රමුඛතම ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් වන Nielsen Sri Lanka විසින් ශ්‍රී ලංකාව පුරා ජනතා අදහස් විමසමින් සිදුකරන සමීක්ෂණ දත්ත අනුව සම්මානයෙන් පිදුම් ලබන සන්නාමයන් තෝරාගැනීමට කටයුතු කෙරේ. ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගික ජනතාව SLIM ජනතා සම්මාන උළෙලෙහි විනිසුරු මඩුල්ල වශයෙන් කටයුතු කරන බව ඒ අනුව අපට අවබෝධ වන අතර, ජනතාවගේ දෛනික ජීවිතයෙහි භාවිතා වන නිෂ්පාදන සන්නාමයන් පිළිබඳ සැබෑ පාරිභෝගික මතවාදය ප්‍රකාශයට පත්වන සම්මාන උළෙලක් බවට එය පත්වන්නේ එබැවිනි.
පාසල් යන වියෙහි පසුවන ශ්‍රී ලාංකීය දූ දරුවන් හා ඔවුන්ගේ පසුබිම කුමක් වුවද ඒ සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ හිමිකම සමානව ලැබිය යුතු බව ඇට්ලස් සමාගම විශ්වාස කරයි. එම වගකීම පිළිබඳවද මැනවින්අවබෝධ කරගනිමින් ‘ඇට්ලස් සිප්සවි’ නමින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඇට්ලස් සමාගම මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, ඒ හරහා අඩු ආදායම් ලාභී පවුල්වල දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දිරි දෙන මුල්‍යමය ශිෂත්ව, අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම හා පාසල් පිළිසකර කිරීම් ආදී ව්‍යපෘති ගණනාවක් මේ යටතේ ක්‍රියාත්මක වේ . ‘සිප්සවි’ ව්‍යාපෘතිය සඳහා පූර්ණ මුල්‍ය සහයෝගය ඇට්ලස් සමාගම විසින් ලබා දෙන අතර, කාන්තා හා ළමා ආරක්ෂණ සේවා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ආදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධව කටයුතු කරන තවත් ආයතන කිහිපයකගේම සහයෝගය ඊට හිමි වේ.
සිලෝන් පෙන්සිල් කම්පැනි පුද්ගලික සමාගම ලෙස මුල්කාලීනව හැඳින්වූ ඇට්ලස් ඇක්සිලියා සමාගම, 1959 වසරේ ආරම්භ වූ අතර, එතැන් පටන් පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදනයේ මෙරට වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස වර්ධනය විය. විනෝදාත්මක ඉගෙනුම් රටාවක් බිහිකිරීම වෙනුවෙන් කැප වී සිටින ඇට්ලස් සන්නාමය හා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතර පවතින දැඩි සබඳතාවය ද, 2020 ජනතා සම්මාන උළෙලේදී (SLIM Peoples’ Awards) ඇට්ලස්, අංක එකේ පාසල් උපකරණ සන්නාමය ලෙස අභිෂේක ගැන්වීමෙන් මනාව පිළිබිඹු වේ. ඊට අමතරව ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් 2018 ජාතික තත්ත්ව සම්මානය හා 2019 ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබීමට ද ඇට්ලස් ඇක්සිලියා සමාගම සමත් වී ඇත.