ආසිරි Nova IVF සහ Fertility මධ්‍යස්ථානය ජිවිතයේ තිළිණය සමඟින් අපේක්ෂාවන් ප්‍රීතිමත් කිරීමට සැරසෙයි.

02

 




 

 

මව්පිය පදවිය අපේක්ෂාවෙන් සිටින නමුත් මදසරු බවේ ගැටළු වලට මුහුණ දී සිටින අඹුසැමියන් සඳහා විශ්වාසනීයත්වයෙන් යුතු සහයක් ලබාදීමේ අරමුණ ඇතිව ආසිරි Nova IVF සහ Fertility මධ්‍යස්ථානය පසුගියදා ආසිරි රෝහල් පරිශ්‍රයෙහි චාම් උත්සවයක් එළිදැක්විය.

Nova IVF Fertility (NIF), ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මදසරු බව සඳහා වන ප්‍රතිකාර මධ්‍යස්ථානයන් ප්‍රත්‍යක්ෂ කරන ලද සායනික පර්යේෂණ සහ ආචාරධාර්මික විනිවිද භාවයෙන් යුත් සායනික භාවිතයන් හරහා ඉහළ සාර්ථකත්ව ප්‍රතිඵල සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. අද වන විට ඉන්දියාවේ Nova IVF විසින් අති නවීන සහය ප්‍රජනන තාක්ෂණය (Assisted Reproductive Technology) භාවිතා කරමින් IVF ගැබ්ගැනීම් 40,000 කට අධික ප්‍රමාණයක් සාර්ථකව සිදුකර ඇත.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ ආසිරි රෝහල් සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා මෙසේ පැවසිය.”රටේ ජනතාවගේ මදසරු භාවය නිසා වන ගැටළු වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ උසස් තත්ත්වයේ, දියුණු ප්‍රජනන ප්‍රතිකාරවල අවශ්‍යතාවය අප හඳුනා ගත්තා. මෙම හවුල්කාරීත්වය හරහා අපගේ අරමුණ වන්නේ විශ්වසනීය සහ ඉතා විශිෂ්ඨ වෛද්‍ය සේවාවක් තුළින් විශ්වසනීය පරිසරයක් තුළ ප්‍රමිතිගත සහ විශිෂ්ඨ සායනික සත්කාරයක් සැපයීමයි. ඒ වෙනුවෙන් නවතම තාක්‍ෂණයෙන් සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වූ ක්‍රියා පටිපාටින්ගෙන් සමන්විත අපගේ ප්‍රවීන සාඵල්‍යතා විශේෂඥ කණ්ඩායම ඉහළ සාර්ථකත්වයන් අත්කර ගැනීම සඳහා සූදානමින් සිටියි.”

මදසරු බව යනු බොහෝ මිථ්‍යාවන්ගෙන් වැසී ඇති සංකීර්ණ සහ සංවේදී විෂයයකි. කෙසේ වෙතත්, එය වෙනත් ඕනෑම රෝගයක් මෙන් නිවැරදිව විනිශ්චය කළයුතු, තේරුම් ගැනීම සහ ප්‍රතිකාර කිරීම් අවශ්‍ය කාලනුරුපී සංවේදී වෛද්‍ය ගැටලුවකි.

ඒ සඳහා වෛද්‍ය සහාය ලබාගැනීම වැදගත් තීරණයක් සේම මදසරු භාවය පිළිබඳ සායන සමඟ කටයුතු කිරීමෙන් ඉහළ තාක්ෂණික ගුණාංග සහිතව පෞද්ගලිකවම යොමු කරන අවධානය සහ සංවේදිභාවයෙන් යුත් සත්කාරයන් මඟින් මෙම සංකූලතාවය ජය ගැනීමට සුදුසු පරිසරයක් සකසා දෙයි.

ආසිරි Nova IVF සහ Fertility මධ්‍යස්ථානය ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණය භාවිතා කරනු ලබන පළපුරුදු මදසරු භාවය පිළිබඳ විශේෂඥයින්, සායනික කළල විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, පෝෂණවේදීන් සහ උපදේශකයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර කණ්ඩායමක් හරහා මව්, පියන් වීමට අපේක්ෂාවෙන් සිටින්නන්ගේ ආදරණීය සිහින ජීවිතයට පූර්ණ සහායක ප්‍රජනන ප්‍රතිකාර මාලාවක් ලබාදෙයි.

මේ අතර උපදේශක සේවා, විමර්ශණ, ධාතු තැන්පත් කිරීම්, ඩිම්බ සහ ශුක්‍රාණු කැටි කිරීම් සහ ගබඩා කිරීම්, ධාතු හා ඩිම්බ පරිත්‍යාග කිරීම් යන සේවාවන් ලබා දෙන අතර මේවා දැඩි ක්‍රියා පටිපාටීන්ට හා ප්‍රමිතීන්ට අනුව සපයනු ලබයි.

ආසිරි රෝහල් ජාලය වසර 30ක විශිෂ්ඨත්වය සමඟින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම දියුණු හා තාක්‍ෂණය මත පදනම් වූ, රෝගීන්වෙත නැඹුරු වූ, ජාත්‍යන්තර තලයේ සේවාවක් සපයන පෞද්ගලික සෞඛ්‍ය සත්කාර සේවාවේ ප්‍රමුඛයා වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව