ආර්ථික අභියෝග හමුවේ උසස් අධ්‍යාපන කටයුතු වල යෙදීමට ශ්‍රී ලාංකික සිසුන්ට අත්වැලක් වීම සඳහා Moneta වෙතින් “Study Now – Pay Later” පොලී රහිත මූල්‍ය සහය සේවාව

Moneta - “Study Now, Pay later” PR Pic#1

 



 

 

 

ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රධානතම බාධාවක් ඉවත් කිරීමේ අරමුණින් විශේෂ මූල්‍යමය විසඳුමක් හඳුන්වා දීමට Fintech Hive (Pvt) Ltd ආයතනය පසුගියදා කටයුතු කළේ ය. එම ආයතනය විසින් හදුන්වා දුන් නවතම සන්නාමය වන Moneta ලෙස හඳූන්වනු ලබන Mobile App යටතේ සිසු සිසුවියන්ට තම වෘත්තීය අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍ය සහය ලබාගත හැකි අතර, වාරික 4 කින්, පොලී රහිතව එම මුදල ආපසු ගෙවීමට අවස්ථාව හිමි වේ.

Moneta යනු සුරක්ෂිත ජීවන රටාවක් සහතික කිරීම අරමුණු කරගත් නවතම ආකාරයේ මූල්‍ය සහය සේවාවන් සපයන සන්නාමයකි. Moneta ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Achievers Lanka Business School සමග එක් වී මෙම “Study Now, Pay Later” විසඳුම හඳුන්වා දී ඇත.

ඕනෑම පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය හා වෘත්තීය සාර්ථක වීමට නම් උසස් ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනයක් හිමි විය යුතු බව Moneta විශ්වාස කරයි. එම විශ්වාසය ඔස්සේ, රට තුළ CoVid-19 ව්‍යාප්තියත් සමග ආරම්භ වූ ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම පාන්තිකයන්ට තම උසස් අධ්‍යාපන සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමේ අරමුණින් මෙම විසඳුම හඳුන්වා දී ඇත. මෙය උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ටද ඉමහත් සහනයක් වනු නො-අනුමාන ය.

“අධ්‍යාපනය ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ සිහින සැබෑ කිරීමට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්. වැඩිදුර අධ්‍යාපනය ලැබීමට කැමති, එහෙත් ඒ සඳහා සැලකිය යුතු මට්ටමේ ආයෝජනයක් සිදුකිරීමට අපහසු ඕනෑම කෙනෙකුට මෙය අගනා විසඳුමක් වේවි. පොලී රහිත සේවාවක් වන “Study Now, Pay Later” සේවාව, විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ, වැඩිදුර අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට විශාල සහනයක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.” Moneta නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී කනගනායගම් ශයන්තන් මහතා පැවසී ය.

“මෙම සේවාව නිසා මෙරට තරුණ තරුණියන්ට, වර්තමාන ලෝකයේ තරගකාරීත්වය තුළ අතිශයින් වැදගත් වන CIM, CIMA සහ ACCA වැනි සුදුසුකම් හිමිකර ගැනීම සඳහා අගනා අවස්ථාවක් ලැබෙනවා. අප සෑම විටම උත්සාහ කරන්නේ නිර්මාණශීලී හඳුන්වා දීම් ඔස්සේ විවිධ ක්ෂේත්‍රයන් තුළ පෙරළිකාරී වෙනස්කම් ඇතිකිරීමටයි. එම උත්සාහයේ එක් පියවරක් වශයෙන් මේ ආකාරයට Moneta සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්.” Achievers Lanka Business School හි සභාපති අසාද් හයි මහතා පැවසී ය.

Moneta හි “Study Now, Pay Later” සේවාව සඳහා කෘත්‍රිම බුද්ධිය ඇතුළුව අතිනවීන ඩිජිටල් තාක්ෂණයන් භාවිතා වන නිසා, දීර්ඝ ලිපිලේඛන කටයුතු හෝ පෝලිම් වලින් තොරව, විනාඩි 10 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මූල්‍ය සේවා ඉල්ලීම් සම්බන්ධ කටයුතු සම්පූර්ණ කළ හැකි වේ. එම නිසා කාර්යක්ෂමතාව, වේගය සහ පහසුව වැනි සාධක අතින් මෙය තරගකාරී විසඳුම් වලට වඩා කැපීපෙනෙන ලෙස ඉදිරියෙන් සිටී.

“CoVid-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් නව පරපුරට අලුත් අවස්ථාවන් රාශියක් උදා වුණා. නිසි අධ්‍යාපනයක් හිමිවන්නේ නම් ඔවුන්ට සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේවි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන Achievers Lanka Business School සමග එක්වී ගෝලීය වෘත්තිකයන් නිර්මාණය කිරීම සඳහා මෙම හවුල්කාරීත්වයට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්.” කනගනායගම් ශයන්තන් මහතා පැවසී ය.

Achievers Lanka Business School යනු මෙරට CIM සහ ACCA පාඨමාලා හදාරන සිසු සිසුවියන් අතර අතිශයින් ජනප්‍රිය අධ්‍යාපන ආයතනයකි. ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකින් සමන්විත එහි සිසුන් සමත් වීමේ අනුපාතය ඉතා ඉහළ අගයක පවතින අතර, එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට තමන් කැමති පරිදි භෞතික හෝ අතථ්‍ය (Virtual) අධ්‍යාපන ක්‍රමවේදයන් තෝරාගැනීමට අවස්ථාව ලැබේ.

මිලදී ගැනීම් සිදුකරන විට පාරිභෝගිකයන්ට තම ඩෙබිට් කාඩ්පත ක්‍රෙඩිට් කාඩ්පතක් ලෙස භාවිතා කිරීමට හැකිවන ආකාරයට තම සේවාවන් වැඩිදියුණු කිරීමට Moneta මේ වනවිට පියවර ගෙන ඇත. මෙය ‘buy now, pay later’ සංකල්පයෙහිම දිගුවකි. මෑතකාලීනව විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් එකතුවක් නිසා මෙවැනි සේවාවන් හඳුන්වා දීමට සමාගමට හැකියාව ලැබී තිබේ.

Moneta යනු තරුණ විධායක නිලධාරීන්ට තම දියුණුව සාක්ෂාත් කරගැනීමට අත්වැලක් වීම අරමුණු කරගෙන හඳුන්වා දී ඇති සේවාවකි. Google Play සහ App Store වෙතින් බාගත කළ හැකි ජංගම යෙදවුමක් තුළින් මෙම සේවාව භාවිතා කළ හැකි වේ. වේගය, නවෝත්පාදනය සහ යහපත් සමාජයීය බලපෑම යන ප්‍රධාන සාධක තුන Moneta හි සන්නාම දර්ශනයට පදනම් වී ඇත.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව