ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය ඇතුළු සණස සමූහයෙන් රන්දූපත උපෝසථාගාර රජ මහා විහාරයේ පොසොන් පිංකම් රැසක්

SANASA (LBN)

රන්දූපත උපෝසථාගාර රජ මහා විහාරයේ අභිනවයෙන් ඉදි කළ අඩි 65ක් පමණ උස චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් පැළැඳවීමේ පුණ්‍ය මහෝත්සවය පොසොන් පොහොය දින පැවැත්විණි. චෛත්‍යය වටා අටමස්ථාන විවෘත කිරීම,‍ චෛත්‍යය ගර්භය තුළ පිත්තල කිලෝ 1000කින් නිර්මාණය කළ රන් ආලේපිත සර්වඥ ධාතූ සහිත කරඬුව තැන්පත් කිරීම ආදී පුණ්‍ය කටයුතු රැසක් ඊට සමගාමීව සිදු විය. සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ප්‍රමුඛ සණස සමූහයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙන් සහ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර සංඝයා වහන්සේලා 150 නමක් වැඩමවා දහවල් දානය පිරිනමන ලදී.

 



 

එහිදී පූජ්‍ය විටියල ඉන්ද්‍රරතන හිමි සිය අනුශාසනාවේදී මෙලෙස පැවසීය. “කිරිවන්දෙණිය මහතා ශ්‍රී ලංකාවේ පමණක් නොව දේශ දේශාන්තර පවා ජය ගත් කෙනෙක්. එතුමන් වැනි දැනුමෙන්, අත්දැකීමෙන් පිරිපුන් පුද්ගලයෙකුගේ දැක්ම මෙන්ම උපකාරය අපගේ විහාරස්ථනයේ උන්නතියට සෑම විටම විශාල රුකුලක්.” පොදු ජනයාගේ සුභ සිද්ධිය අරමුණු කර ගනිමින් සණස ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලෙස සණස සමූහයේ අඩිතාලම සකස් කළ අචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ආයතන 14ක් සහිත සණස සමූහය තුළින් මහජනයාගේ යහපත ප්‍රාර්ථනා කරයි. සණස ඉදිරිය වැනි කාලීන සංකල්ප ජනයා අතර ප්‍රචලිත කරමින් ආර්ථික වශයෙන් පසුබෑමට පත් වී සිටින දේශය නැවත ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙල වෙත තම ආයතන මෙහෙයවයි. තම ව්‍යාපාර තුළින් ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජන ජීවිත සුරක්ෂිත කරන ඒ මහතා දහස් ගණනකට රැකියා අවස්ථා උදා කර දී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව