අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ දකුණු ආසියාතික කලාපීය බැඩ්මින්ටන් කනිෂ්ඨ ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පාකිස්තානයට යති

IMG_6647 (LBN)

දකුණු ආසියාතික බැඩ්මින්ටන් අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ ශූරතාවලිය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකු පාකිස්තානය බලා පිටත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ පුහුණුකරු රජිත දහනායක, සහාය පුහුණුකරු ඉරේෂ් මධුරංග ද සිල්වා සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය තරංගා විමලසූරිය මහත්ම මහත්මීහු ද සංචාරයට එක්වෙති. මිශ්‍ර කණ්ඩායම් සහ ඒකල තරග ඉසව් ඇතුළත් මෙම ශූරතාවලිය මාර්තු මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

 



 

ආසියානු බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් සහ පාකිස්තාන බැඩ්මින්ටන් සම්මේලනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන දකුණු ආසියාතික බැඩ්මින්ටන් අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ ශූරතාවලියේ පළමු සහ දෙවැනි දිනයේදී කණ්ඩායම් තරග පැවැත්වෙන අතර, 5 සහ 6 දෙදින ඒකල තරග ඉසව් පැවැත්වීමට නියමිතය. ඒකල තරග අංශයේ අවසන් තරග 7 වැනිදාට යෙදී තිබේ.

ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේය.

අවුරුදු 15න් පහළ බාලක ඒකල, යුගල, මිශ්‍ර යුගල – අමාවන් අමරසිංහ, චෙනාල් දෙව්ෂාන් මඩපාතගේ

අවුරුදු 15න් පහළ බාලිකා ඒකල, යුගල, මිශ්‍ර යුගල – තෙනුකි අයන්සා ද සිල්වා, බිනුරි ජනංගා

අවුරුදු 17න් පහළ බාලක ඒකල, යුගල, මිශ්‍ර යුගල-මිහිල රවිෂ්ක ක්‍රිෂ්ණ ජයවීර, තේජන සමුදිත හේරත්

අවුරුදු 17න් පහළ බාලිකා ඒකල, යුගල, මිශ්‍ර යුගල -නෙත්මි අමායා රත්නායක, ලක්ෂණා සජීවකුමාර්

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව