අවුරුදු 13න් පහළ මහනුවර දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංචිතය අරඹයි

1689092869619 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් මහනුවර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම පසුගියදා මහනුවර චන්ද්‍රානන්ද බෞද්ධ පාසලේදී සිදු කෙරිණි. මහනුවර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 දෙනකු  සංචිතගත කිරීම එහි දී සිදු විය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම සහ අනුග්‍රාහකත්වය යටතේ බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩසටහනට කලාපීය සංවර්ධන කමිටුවේ සාමාජික හා මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ උපසභාපති පාලිත හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් චාමර අලුත්ගේ, බැඩ්මින්ටන් ආයතනයේ හිටපු ලේකම් සමන් විජේසිංහ, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ගම්ලත්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරිරීක හා ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල විජේසිංහ, පාසල් බැඩ්මින්ටන් සංගමයේ තරගාවලි සහකාර ලේකම් දර්ශන බණ්ඩාර, මධ්‍යම පළාත් බැඩ්මින්ටන් ආයතනයේ තරගාවලි ලේකම් සුමිත්‍රා දිසානායක, මධ්‍ය පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා තුෂාරා සමරසිංහ, ජාතික පුහුණුකරු රාජිත දහනායක,  මහනුවර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ බැඩ්මින්ටන් සංචිතයේ සම්බන්ධිකාරක බණ්ඩාර සමරකෝන්, කලාපීය සංවර්ධන සංචිතයේ අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් පුහුණුකරු සංකල්ප ගුණවර්ධන මහත්ම මහත්මිහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංචිතගත කිරිමේ වැඩසටහන සඳහා Mobil, 3M සහ Li Ning අනුග්‍රාහකත්වය ලැබී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව