අවසන් අපද්‍රව්‍ය බහාලුම් 45 ප‍්‍රතිඅපනයනය කිරීම

Advantis

 



 

 

 

මීට කලකට ඉහත එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට ගෙනෙන ලද අපද්‍රව්‍ය රැගත් බහාලුම් පිළිබඳව Hayleys Free Zone ලිමිටඩ් සමාගම විසින් කෙරෙන ලද නිවේදනයකි.

 බාසල් (BASEL) සම්මුතියට ප‍්‍රකාරව මෙසේ දෙරටක් අතර අපද්‍රව්‍ප‍්‍රවාහනය කළ නොහැකි අතර, මෙම බහාලුම් තොගය යළි එක්සත් රාජධානිය බලා පිටත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ මුලිකත්වය මත පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 මින් බහාලුම් යම් ප‍්‍රමාණයක් මුලදී ප‍්‍රතිඅපනයනය කිරීමට කටයුතු කර ඇති අතර, අද දින (21) අදාළ ඉතිරි බහාලුම් 45 යළි එක්සත් රාජධානිය වෙත යැවීමට කටයුතු කර තිබේ.

 අදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබෙන්නේ, එක්සත් රාජධානියේ 241, B High Street North, London, England E21 6SJ යන ලිපිනයට අයත් M/s Vangaads Ltd යන සමාගම විසින් වන අතර, ඒ අදාළ බහාලුම් නො. 12, පාර්ක් පාර, කොළඹ 05 යන ලිපිනය දරන M/s ETL Colombo Pvt Ltd නම් පෞද්ගලික සමාගම අතරමැදියකු ලෙස ක‍්‍රියාකරමින් 157, 4C වින්සන් පාර්ක් II, ඇවරිවත්ත පාර, වත්තල යන ලිපිනය දරන M/s. Ceylon Metal Corporation Pvt Ltd නම් පෞද්ගලික සමාගමට භාර දීම සඳහාය.

 මෙම අපද්‍රව්‍ය බහාලුම් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අදාළව Hayleys Free Zone සමාගමට චෝදනා එල්ල වූ මුත්, Hayleys Free Zone සමාගම අදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය සම්බන්දව ක‍්‍රියාකර ඇත්තේ භාණ්ඩ ආනයනය කළ පාර්ශවයට සේවා සපයන්නෙකු  (logistics service provider) ලෙස පමණි.

 ඒ අනුව, Hayleys Free Zone සමාගම මෙහි සැපයුම් සේවා පාර්ශවය ලෙස සිය සේවාවන් ලබා දීමට පමණක් කටයුතු කර ඇති අතර, අදාළ අපද්‍රව්‍ය බහාලුම් තොගය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබද කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමු.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව