අලෙවි ඉලක්ක සැපිරූ බීම් හෙළ ඔසු ලංකා අලෙවි නිලධාරීන් තායිලන්තයේ සංචාරයක

BEAM

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගමේ අලෙවි අංශයේ අලෙවි ඉලක්ක සැපිරූ නිලධාරීහු පිරිසක් පසුගියදා ආයතනයේ අනුග්‍රහයෙන් දින පහක තායිලන්ත සංචාරයක නිරත වූහ. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ අලෙවි කළමනාකරු ධම්මික දසනායක, අලෙවි කළමනාකරු (සුපිරි වෙළෙඳසැල් ජාලය) ක්‍රිෂාන්ත කුලරත්න, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු මංජුල ප්‍රියන්ත, අලෙවි විධායක නිලධාරීන් වන ඥානසිරි හේවාවසම්, තරිඳු නිරෝෂන්, ෂෙහාන් අමරසූරිය සහ අලෙවි නියෝජිතවරුන් වන පූර්ණ අතාවුද, අශාන් මදුශංක එම පිරිස අතර වේ. ඔවුන් අගෝස්තු 2 සිට 6 දක්වා තායිලන්තයේ  සංචාරයේ යෙදුණු අතර මෙය බීම් හෙළ ඔසු ලංකා සමාගම සිය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කාර්ය සාධනය ඇගැයීම වෙනුවෙන් විදේශ සංචාර පිරිනැමූ පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. ඉදිරියේදීද අලෙවි ඉලක්ක සපුරන සාමාජිකයන් දිරිගැන්වීමට මෙවැනි වැඩසටහන් දියත් කිරීමට සැළැසුම් කර තිබේ.
 



 

1984දී ඇරැඹූ බීම් හෙළ ඔසු ලංකා සමාගම පුළුල් පරාසයක විහිදී ඇති ශාකසාර නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. ළමුන් සඳහා වන ජීවා පැණිය සහ කප්පරවල්ලිය පැණිය, බීම් සුව ධරණී සහ ශාකසාර තේ, බීම් බාම්, ප්‍රතිශක්තිය වර්ධනය කරන සුදර්ශන කරල් සහ සුවෝදා පේයාව බීම් නිෂ්පාදන අතර ප්‍රධාන වේ. දිවයින පුරා බටහිර සහ ආයුර්වේද ඔසුසල්වලින්, සුපිරි වෙළෙඳසැල්වලින් මෙම නිෂ්පාදන මිල දී ගත හැකිය. ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳව නිරන්තරයෙන් සැළකිලිමත් වන බීම් හෙළ ඔසු ලංකා සමාගම සාම්ප්‍රදායික ආයුර්වේද දැනුම සහ නවීන තාක්ෂණය මුසු කරමින් සිය නිෂ්පාදනවල ඇති ස්වාභාවික ඖෂධීය වටිනාකම තහවුරු කරයි. සිය නිෂ්පාදන ක්‍රියාවලිය පුරා අදාළ සනීපාරක්ෂක ප්‍රමිති අනුගමනය කරන එම සමාගම ISO 22000:2018 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයද ලබා ඇත.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව