අලූත් අවුරුද්දට සැරසෙන්න – “Daraz අවුරුදු වාසි” සමග එක්වන්න

Avurudu-Wasi-2021-KV---final (1)

 




 

 

සාම්ප‍්‍රදායික අලූත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලූත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයකදී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවසේ සිටම ආරක්ෂිත ලෙස, අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz විසින් Daraz අවුරුදු වාසි” විශේෂ අලූත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක‍්‍රියාත්මක කරනු ලබයි.  

අලූත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන්නට බලාපොරොත්තුවන සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට Daraz වෙත පිවිස මාර්තු මස 25 වැනිදා සිට අපේ‍්‍රල් මස 06 වැනිදා දක්වා ක‍්‍රියාත්මක “Daraz  අවුරුදු වාසි” අලූත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන සමග එක්ව වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම වාසි රැසක් හිමිකරගත හැකිවේ

Daraz ළඟ එන ප‍්‍රීතිමත් අලූත් අවුරුදු උත්සව සමයේ ඔබේ සාප්පු සවාරිය සතුටින් පුරවාලමින් මිලියන 3 කට අධික දෙස් විදෙස් නිෂ්පාදනයන් රැසක් අතරෙන් තම සිතැඟි පරිදි භාණ්ඩ තෝරාගන්නට 75% ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන දෙකක් වටිනා තෑගි වවුචර්පත් පිරිනමයි. ඔබේ ප‍්‍රියතම සන්නාමයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකතන, නවීන විලාසිතාවන්ගේ ඇඳුම් පැළඳුම් වර්ග රැසක් මෙන්ම එදිනෙදා දිවිය පහසුකරන නිෂ්පාදනයන් රැසක් සඳහා අඩුම මිල ගණන්, පොලී රහිත මාසික ගෙවීමේ ක‍්‍රම, බැංකු කාඞ්පත් වට්ටම් ඇතුළු තවත් සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් සපිරිව සදා මතකයේ රැඳෙන අසිරිමත් අන්තර්ජාල සාප්පු සවාරියක මිහිර මෙවර “Daraz අවුරුදු වාසි” සමග ලබාගත හැකිය.

Daraz සතු සුපිරි අලෙවි අවකාශය වන DarazMall දින 14 ක නැවත ආපසු භාරදීමේ හැකියාවද සමග දෙස් විදෙස් පාරිභෝගික ජනතා විශ්වාසයට පාත‍්‍ර වූ සුපිරිතම සන්නාම 450 කට අධික ප‍්‍රමාණයක අනගි නිෂ්පාදන පෙළක් ඉදිරිපත්කොට තිබේ. ජංගම දුරකතන සඳහා 30% ක වට්ටමක් ලබාගත හැකි අතර බ‍්‍රවුන්ස් සමාගම වෙතින් රූපවාහිනී, හෝම් තියටර් සිස්ටම්, ශීතකරණ, වායුසමීකරණ යන්ත‍්‍ර හා රෙදි සෝදන යන්ත‍්‍ර සඳහා 70% ක් දක්වා දැවැන්ත වට්ටම් සමග රුපියල් මිලියනයක් වටිනා bundle offer දීමනා රැසක් දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගියන්ට හිමි වේ. එමෙන්ම Reckitt Benckiser සමග සිදුකෙරෙන රුපියල් 1000 කට වැඩි සෑම මිලදීගැනීමක්ම නවතම iPhone 12 නොමිලේ හිමිකර දෙන තරග අවස්ථාවකට ඇතුලත් කරගැනේ.

—Daraz wjqreÿ jdis˜ ප‍්‍රවර්ධන කාලසීමාවේදී සිදුකෙරෙන රුපියල් 3000 කට වැඩි සෑම Signature, LICC, Laveena සාරි MIIKA මිලදීගැනීමක් සඳහාම රුපියල් 25000ක් වටිනා නිෂ්පාදන දිනාගනිමින් අලූත් අවුරුද්දට හැඩවැඩවීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවේ. Blink International වෙතින්  ඕනෑම මාදිලියක අත් ඔරලෝසුවක් මිලදී ගත් විට රුපියල් 40,000ක් වටිනා තවත් අත් ඔරලෝසුවක් දිනාගත හැකිය. තවදි ‘Daraz Easy Bills’  හරහා විදුලි බිල්පත් ගෙවීමේදී අමතර 10% ක විශේෂ මිල අඩුකිරීමක් ද හිමිවේ.

විනෝදාත්මක ඔන්ලයින් ක‍්‍රීඩා හා නොමිලේ දීමනා යනාදී අන්තර්ජාල මිලදී ගැනීම් දිරිගන්වන විශේෂ ප‍්‍රවර්ධන ක‍්‍රියාකාරකම් රැසක්ද මෙවර “Daraz අවුරුදු වාසි” තුළ අන්තර්ගතය. ප‍්‍රවර්ධන කාල සීමාව තුළ,  “The Rs. 1/= game” ක‍්‍රීඩාව සමග එක්ව Huawei Watch fit, OppoEnco earbuds, Yamaha Guitar,                  4-burner stainless steel Gas Cooker, Skullcandy Wireless Headphones වැනි දෙස් විදෙස් ප‍්‍රමුඛ පෙළ සන්නාමයන්ගේ නිෂ්පාදන රැසක් රුපියලක් වැනි ඉතා සුළු මුදලකට දිනාගැනීමේ අවස්ථාව ඔබට උදාවේ. එමෙන්ම පාරිභෝගිකයා මිලදීගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ Shopping Cart පහසුකමට එකතු කර Xiaomi Redmi note 9s නොමිලේ දිනාගැනීමේ අවස්ථාවද ඔබට හිමිවේ. “Daraz Avurudu Mission” අභියෝගයේ අදියර 12 සම්පූර්ණ කරන පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදීගැනීමේදී Samsung Galaxy S21 දුරකතනයක්, Daraz වවුචර්පත් සහ තවත් තෑගි රැසක් හිමිකරගැනීමේ අවස්ථාව හිමිවේ.

“Daraz අවුරුදු වාසි” ප‍්‍රවර්ධන වැඩසටහන සමග එක්වන ලංකා බැංකුව, කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, මහජන බැංකුව, යුනියන් බැංකුව, ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකුව, සණස සංවර්ධන බැංකුව, HNB, NDB, HSBC, DFCC බැංකු සහ LOLC ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වෙනුවෙන් 10% විශේෂ වට්ටමක් සහ පොලී රහිතව කොටස් වශයෙන් මාස 60 ක පහසු ගෙවීමේ ක‍්‍රමවේදයක් සලසා දෙයි. එමෙන්ම Mastercard සහිත සියළු ක්‍රෙඩිට් කාඞ් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට 12% ක විශේෂ වට්ටමක්ද හිමිවේ. (කොන්දේසි සහිතයි)

Oppo, බ‍්‍රවුන් සහ සමාගම Unilever, Reckitt Benckiser, Signature, Decathlon, Samsung, Nestle, Quantum fitness, Phillips, Laveena sarees, Moose Clothing Company, The Concept Store, Mead Johnson Nutritions, Wiresto, SKMEI, Go Pro, Yamaha Music Center, VTEC home, ASUS, Huawei, Coca Cola, Munchee, Emerald, LICC, MIIKA, Revlon, EURO, Pirelli සහ Staedtler යන දෙස් විදෙස් ආයතන හා සන්නාම රැසක් මෙවර “Daraz අවුරුදු වාසි” ප‍්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් Daraz සමග අත්වැල් බැඳගෙන සිටියි.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ප‍්‍රමුඛ පෙළ අන්තර්ජාල මිලදීගැනීම් හා විකුණුම් වෙබ් අඩවියක් ලෙස සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු කළ Daraz මෙවර අලූත් අවුරුද්දට වේලාසනින්ම ශ්‍රී ලාංකිකයන් හට අවුරුදු අසිරිය සමීපකොට තිබේ. අන්තිම මොහොතේ සිදුකරන කලබලකාරී සාප්පු සවාරියක අපහසුතාවයෙන් ඈත්ව, “Daraz අවුරුදු වාසි” සමග එක්ව කල්වේලා ඇතිව ඔබේ අලූත් අවුරුදු සාප්පු සවාරිය නිවසේ සිටම පහසුවෙන් සිදුකරන්න Daraz app එක දැන්ම download කරගන්න. https://click.daraz.lk/e/_7onOL වැඩි විස්තර සඳහා https://blog.daraz.lk/ වෙත පිවිසෙන්න.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව