අලි මිනිස් ගැටුම අවම කිරීමට ඩේවිඩ් පීරිස් සමූහයෙන් වීදි ලාම්පු පරිත්‍යාගයක්

David Pieris Group (LBN)

තිරසාරභාවය සහ සමාජ සුභසාධනය සඳහා වූ තම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් මහව ප්‍රාදේශීය සභාවට වීදි ලාම්පු 500ක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. මහව කලාපයේ ප්‍රජාවට සහ වනජීවීන් අතර දිගු කලක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුම අවම කිරීම මෙහිදී අරමුණු කර ඇත.

ශ්‍රී ලංකාවේ දිගම දළ ඇති සුප්‍රසිද්ධ කාවන්තිස්ස ඇතාගේ වාසස්ථානය වන්නේද මෙම මහව සහ අඹන්පොළ ප්‍රදේශයයි. ඒ අනුව මෙම ප්‍රදේශයේ වෙසෙන මිනිසුන්ට සහ අලි ඇතුන්ට මෙම අර්බුදය හේතුවෙන් හානි සිදුවීම් නිතර දක්නට ලැබේ. ආරක්ෂිත බව හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා රාත්‍රියේ මාර්ග ආලෝකමත් කිරීමට මෑත කාලයේදී ප්‍රදේශය පුරා වීදි ලාම්පු 3,000කට වඩා සවි කළද මෙම ලාම්පුවලින් 500කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය වී ඇත. එම හේතුවෙන් රාත්‍රී කාලයේ මෙම ප්‍රදේශයේ මාර්ග භාවිත කරන්නන්ට දැඩි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී තිබේ.

 



 

මෙම අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සුභසාධන කමිටුව නව වීදි ලාම්පු පරිත්‍යාග කිරීම සඳහා පූර්ණ අරමුදල් සපයන ලදී. මෙම සුවිශේෂී පියවර හරහා මාර්ගයේ ආරක්ෂාව වැඩි දියුණු කරන අතරම රාත්‍රී කාලයේ දී හදිසි ලෙස සිදුවන අලි මිනිස් ගැටීම්ද අවම කරයි. එය අලි ඇතුන්ගේ ආරක්ෂාවටද විශාල ලෙස බලපානු ලබන කරුණකි.

පසුගියදා මහව ප්‍රාදේශීය සභාවේ පැවති මෙම උත්සවයේදී ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී (මෙහෙයුම්) සහ ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සුභසාධන කමිටුවේ සාමාජික කෝසල රත්නායක මහතා විසින් මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර හේරත් මහතා වෙත මෙම වීදි ලාම්පු තොගය නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම අවස්ථාවට ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් ප්‍රධාන කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) සජිත් වීරසේකර, ප්‍රධාන කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) තිලාන් කුලසූරිය සහ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් අලෙවි විධායක නිර්මාණ ඩයස් යන මහත්වරුද සහභාගී විය.

මෙම පරිත්‍යාගය අගය කරමින් මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර හේරත් මහතා සිය අදහස් මෙසේ ඉදිරිපත් කළේය. “රාත්‍රියේදී අලි ඇතුන් බොහෝ විට මාර්ග හරහා ගමන් කරනවා. මෙම අලි ඇතුන් රියදුරන්ට සහ ගම්වැසියන්ට පැහැදිලිව දැකීමට වීදි ලාම්පු අත්‍යවශ්‍යයි. මෙම පරිත්‍යාගය මිනිසුන්ගේ සහ අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ප්‍රජාව සහ වනජීවීන් අතර සමගියද වැඩිදියුණු කරනවා.”

මෙවැනි වැඩසටහන් හරහා ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මානව අවශ්‍යතා සහ පරිසර සංරක්ෂණය සමතුලිත කරන ව්‍යාපෘති සඳහා අඛණ්ඩව සහාය වෙමින් ආරක්ෂිත හා වඩා තිරසාර ප්‍රජාවක් ගොඩනැගීමට කටයුතු කරනු ඇත. ඒ අනුව වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස ඩේවිඩ් පීරිස් සමූහය තම භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව