අලියාන්ස් ලයිෆ් යාපනය ශාඛාවට නව මුහුණුවරක්

IMG-20221129-WA0002 (LBN)

 



 

 

අලියාන්ස් ලයිෆ් සමාගමේ යාපනය තිරුනෙල්වේලි ශාඛාව සම්පූර්ණයෙන්ම නවීකරණය කර විවෘත කිරීම පසුගියදා සිදු විය. පාරිභෝගික භවතුන් වෙත  වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා තම ශාඛාවන්හි පවතින පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් අලියාන්ස් ලංකා සමාගම ආරම්භ කර ඇති වැඩසටහනක එක් අදියරක් වශයෙන් මෙම ශාඛාව නවීකරණය කරන ලදි.  තම ශාඛාවන්හි යටිතල පහසුකම් පූර්ණ විශ්ලේෂණයකට ලක්කරමින්, එම පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රමෝපායික ආයෝජනයන් සිදුකිරීමට අලියාන්ස් ලංකා සමාගම කටයුතු කරමින් සිටී.

ජීවිත, සෞඛ්‍ය, ආයෝජන සහ විශ්‍රාම යන රක්ෂණ විසඳුම්ද ඇතුළුව නවීන  සුවපහසු ස්ථානයක වඩා පුළුල් පරාසයක සේවාවක් පාරිභෝගික භවතුන් හට මෙහිදී ලබා ගැනීමට හැකියාව ඇත. මෙම ශාඛාව තුළින් අලියාන්ස් ජීවිත රක්ෂණ මිල දී ගැනීම, රක්ෂණ ඔප්පුවල තත්ත්වය තොරතුරු පරික්ෂා කිරීම, වාරික ගෙවීම් සහ අතිරේක ඔප්පු සේවාවන් වන ඔප්පු යාවත්කාලීන කිරීම, පවුලේ නව සාමාජික සාමාජිකාවන් ඔප්පුව සඳහා ඇතුළත් කිරීම සහ අදාළ ලේඛන කටයුතු මෙන්ම වන්දි හිමිකම් ඉදිරිපත් කිරීම වැනි සේවාවන් ගණනාවක් ලබා ගැනීමේ හැකියාව ඇත.

යාපනය ශාඛාව නැවත විවෘත කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි ජයලාල් හේවාවසම් මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “තිරුනෙල්වේලි ප්‍රදේශයේ පිහිටි අපගේ යාපනය ශාඛාව පූර්ණ නවීකරණයකට ලක් කිරීමෙන් අනතුරුව නැවතත් ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කිරීමට හැකි වීම පිළිබඳ ඉතා සතුටට පත් වන බව සහ මෙම වැඩි දියුණු කළ පහසුකම් සමගින් අපගේ පාරිභෝගික භවතුන් වෙත වඩා අනුකූලතාවයෙන් යුතු, සුචල්‍යවත් සහ ප්‍රවේශ්‍යවත් සේවා අත්දැකීමක් ලබා දීම අරමුණ වන බවය. එබැවින් ඔබගේ ජිවිතයේ බොහෝ සෙයින් වටින දෑ උදෙසා රැකවරණය ලබා දීම සඳහා අපට සහය විය හැක්කේ කෙසේද යන්න සාකච්ඡා කිරීම උදෙසා අලියාන්ස් ලයිෆ් වෙත පැමිණෙන මෙන් ප්‍රදේශයේ සිටින සියලුම පාරිභෝගික භවතුන් සහ මහජනතාව වෙත අප ඇරයුම් කරන්නෙමු.” යනුවෙනි.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව