අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේදී අංක 01 Loyalty Leader බවට පත් වේ

SAVE_20221108_140143 (1) (LBN)

 



 

 

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේ Loyalty Leader ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය එම සමාගම මේ වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි. සමීක්ෂණයේ ප්‍රධාන අංශ සියල්ලෙන්ම පාහේ ඉහළම ලකුණු ලබාගනිමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් වී ඇත.

NPS සමීක්ෂණය යනු ජාත්‍යන්තර අලියාන්ස් සමූහය මගින්, ලොව පුරා විසිරුණු සිය අනුබද්ධ සමාගම් ආවරණය වන පරිදි වාර්ෂිකව පවත්වනු ලබන සමීක්ෂණයකි. අලියාන්ස් සන්නාමය කෙරෙහි පාරිභෝගිකයින් තුළ ඇති ප්‍රසාදය කෙබඳුද යන්න පරීක්ෂාවට ලක්කිරීම මෙහි අරමුණයි. මෙහිදී රක්ෂණ සැලසුම් මිලදී ගෙන ඇති පාරිභෝගික භවතුන් වෙතින් අදහස් විමසා ඔවුන් තවත් කෙනෙකුට එම රක්ෂණ ආයතනය නිර්දේශ කිරීමේ සම්භාවිතාව ගණනය කෙරේ. රක්ෂණ සැලසුම්වල මිල ගණන්, සන්නාමය, පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය සහ රක්ෂණ සැලසුම්වල ගුණාත්මකභාවය මෙන්ම, රක්ෂණ අලෙවිය, රක්ෂණ අලුත් කිරීම, හිමිකම් මුදල් ලබා ගැනීම, සන්නිවේදන කටයුතු සහ ගිවිසුම් කළමනාකරණය යන අංශ සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.

මෙම සමීක්ෂණය සඳහා 2022 ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා දිවයින පුරා ව්‍යාප්තව සිටින සාමාන්‍ය රක්ෂණ ඔප්පු හිමියන් අතුරින් තෝරා ගත් නියැදියක් සමීක්ෂණයට ලක් කිරීම සිදු විය.

“Net Promoter Score (NPS) යනු පාරිභෝගික ලැදියාව මැනීම සඳහා වන මිනුමක් වන අතර ව්‍යාපාර කටයුතුවල වර්ධනය පිළිබිඹු කළ හැකි සාධකයක්. ඉහළ NPS අගයක් යනු සන්නාම ශක්තිය සහ විශිෂ්ට සේවා ප්‍රමිතිය හඟවන සාධකයක් ලෙස සැලකිය හැක. මෙම ජයග්‍රහණය වෙනුවෙන්, පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් සැපයු අපගේ කාර්ය මණ්ඩලයටත්, අප අංක 1 ස්ථානයේ ශ්‍රේණිගත කළ අපගේ පාරිභෝගිකයින්ටත් අපගේ ස්තූතිය හිමිවිය යුතුයි. 2023 වසරේදී සහ ඉන් ඉදිරියටත්, මේ විශිෂ්ට පාරිභෝගික සේවාව එලෙසින්ම පවත්වාගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.” අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ස්මී මහතා පැවසී ය.

“අලියාන්ස් සමාගම් ඉතිහාසය තුළ අප මෙම ජයග්‍රහණය වාර්තා කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම ජයග්‍රහණය පාරිභෝගික භවතුන් අප සන්නාමය කෙරෙහි ඇති ලැදියාව හා අප රක්ෂණ සේවාවන් සඳහා දැක්වූ ඉමහත් කැපවීම පිළිබිඹු කරන අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැක. 2022 වසරේදී අප COVID-19 රෝග ව්‍යාප්තිය වළක්වා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පෙළක්, මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන් පෙළක්, ආයතනික සන්නාම ප්‍රවර්ධන වැඩසටහන්, නව රක්ෂණ සැලසුම් සහ රක්ෂණ සම්බන්ධ ක්‍රියාවලි වඩාත් පහසු කරන ඩිජිටල් යෙදුම් පෙළක් හඳුන්වා දුන් අතර, අපගේ ආයතනික ප්‍රජා සත්කාර සහ තිරසාරත්ව වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාවට නැංවූවා. මේ සියල්ල අපගේ සාර්ථකත්වයට මහෝපකාරී වී ඇති බව පැහැදිලියි. ඊට අමතරව අපගේ ආයතනික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීම මෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ රක්ෂණ පිළිබඳව සරලව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් වීඩියෝ මාලාවක් සහ හිමිකම් ඩිජිටල් යෙදුම් පෙළක් හඳුන්වා දීම වැනි සාධකත් මේ ජයග්‍රහණයට කැපීපෙනෙන දායකත්වයක් ලබා දී ඇති බව මා විශ්වාස කරනවා.” අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී මංගල බණ්ඩාර මහතා පැවසී ය.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.) පොදුවේ අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු ලබන අතර ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ මූල්‍යමය ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ ව්‍යාපාරික දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයන් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව