අලියාන්ස් ලංකා විසින් 2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී සිය විකුණුම් බලකායේ විශිෂ්ටයන් අගයනු ලබයි

Webp.net-resizeimage




 

අලියාන්ස් ලංකා විසින් සිය  2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය 2021 දෙසැම්බර් මස 10  දින අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලැබූ අතර එහිදී සමාගමේ විශිෂ්ට සේවා නියුක්තිකයන් ඇගයීම සහ ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීම සිදු විය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සිදු කරන අතර ඒ සඳහා ආයතන ඉහළ කළමනාකාරිත්වය සහ අලියාන්ස් පැසිෆික් කලාපයේ විදෙස් උසස් නිළධාරීන් / නිළධාරිනීන්ද සහභාගී වෙති. ලොව පුරා නිරන්තරයෙන් වෙනස් වීම්වලට භාජනය වන කොවිඩ් වසංගත තත්ත්වය නිසා සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වන පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ සමාජ දුරස්ථභාවය හා හැසිරීම යන කරුණු සැලකිල්ලට ගෙන සම්මාන  ප්‍රදානෝත්සවය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට ආයතනය විසින්  කටයුතු ලදියි. මෙම අන්තර්ජාලය භාවිතයේ සිදු කළ සම්මාන ප්‍රදානෝත්සව ඉසව්ව තුළින් අලියාන්ස් සතු ඩිජිටලීකරණ බලය සහ පවතින තත්ත්වයන්ට අනුව අනුවර්තනය වීමේ හැකියාව විදාහා දැක්වුනි. සමාගමක් ලෙස මෙම අභියෝගාත්මක කාලයේ සිය විශිෂ්ටයන් ඇගයීම උදෙසා ඔවුන් කළ කැපවීම තුළින්  රට පුරා සිටින සේවා නියුක්තිකයන් සම්බන්ධ කරමින් ජයග්‍රාහී සැමරුම් සහිත රාත්‍රියක් උදා කිරීමට හැකි විය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් යන සමාගම් හි ඉහළතම විකුණුම් කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිළධාරීන් සහ නිළධාරිනීන් 71 දෙනෙකු වෙත සම්මාන ප්‍රදානය කිරීම සිදු කළ අතර ඔවුන් අගය කිරීම සහ දිරිමත් කිරීම උදෙසා ඔවුන් වෙත වටිනා ත්‍යාගයන්ද පිරිනැමීම සිදු විය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස්  ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “පසුගිය වසර තුළ ඉතා වෙහෙසීමෙන් මෙන්ම කැපවීමෙන් කටයුතු කළ ඔවුන් සියලු දෙනා වෙත සිය කෘතඥතාවය පුද කරන බවත්, ඉතා අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වූ 2021 වසර තුළ මෙම පුද්ගලයින් අලියාන්ස් ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සැපයුම් ආයතනයක් ලෙසින් ඉහළට ඔසවා තැබීමට සිය හැකියාවන් සහ විශිෂ්ටතාවයන් දක්වා තිබෙන අතර අද දින සම්මානයට පාත්‍ර වූ  සියලු දෙනාට තම හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔබ සැමදෙනාම ඉදිරියේ දීත් මේ අයුරින් ම විශිෂ්ට දස්කම් දක්වනු ඇතැයි තමන් විශ්වාස කරනවා.” යනුවෙනි.

එමෙන්ම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිළධාරී ජයලාල් හේවාවසම් මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ  “පසුගිය වසර තුළ අපගේ විකුණුම් බලකායේ  වැඩ කටයුතු  කිරීමේ ක්‍රමවේදය පරිවර්තනය වීම, අනුවර්තනය වීම සහ නැවත හැඩ ගැසීම සිදු වූ අතර 2021 වසර තුළ අප අත්පත් කර ගත්  සර්ථකත්වය දෙස බලන විට මෙම අභියෝගයන්ට අප කාර්යක්ෂමව සහ සාර්ථකව මුහුණ දී ඇති බවද තහවුරු වේ.සමාගමේ මෙම විශිෂ්ටත්වයට Allianz කණ්ඩායමේ සෑම සාමාජික සාමාජිකාවකම දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කර ඇති අතරම එම කැපවීම වෙනුවෙන් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වීමට කැමතියි. අප සියලු දෙනාට අලියාන්ස් හි අනාගතය ඉතා දීප්තිමත් එකක් වන අතරම එළඹෙන 2022 වසර ඉහළ අපේක්ෂාවන්ගෙන් යුක්තව පිළිගැනීමට කැමැත්තමි.” යනුවෙනි.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව