අලියාන්ස් ලංකා පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් හි නිල ගමන් රක්ෂණවරයා ලෙස සහය දක්වයි.

SLWP_Group 01 (LBN)

 



 

 

අලියාන්ස් ලංකා සමාගම පසුගියදා පැවැත්වුණු 22 වන පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම්හි  නිල අනුග්‍රාහක බවට පත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වූවේ වසර 7 ක විරාමයකින් පසුවය. හොංකොං චීන පිහිනුම් සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය 2023 අගෝස්තු 11 සිට 13 දක්වා හොංකොං හිදී පැවැත්විනි. විදෙස් සංචාරයන් අතරතුර මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් සඳහා අලියාන්ස් ලංකා හි ගමන් රක්ෂණාවරණය තුළින් වඩා පුළුල් රක්ෂණ ආවරණයන් සලසා දෙනු ලබයි.

මෙම අනුග්‍රාහකත්වය නිල වශයෙන් නිවේදනය කිරීමේ උත්සවය පසුගියදා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, අලියාන්ස් ලංකා සමාගමේ අලෙවි ප්‍රධානී කසුන් යටවර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. මෙහිදී ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු ඉලක්ක හා අරමුණුද අනාවරණය කළේය. පිරිමි සහ කාන්තා කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාට මෙහිදී සංචාරයට අදාළ ලියකියවිලි  හිමි වූ අතර, ඔවුහු අලියාන්ස් සන්නාමය සහිත ජර්සි පැළඳ, ජයග්‍රහණය සඳහා ඔවුන් තුළ ඇති සාමූහික අභිලාශය ප්‍රදර්ශනය කළහ.

මෙවර තරගාවලියේදී පිරිමි ශූරතාව සඳහා කණ්ඩායම් 6 ක් සහ කාන්තා ශූරතාව සඳහා කණ්ඩායම් 4 ක් තරග වැදුණහ. ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම්වල නායකත්වයන් පිළිවෙළින් ෂෙහාන් දසනායක හා සමාඛ්‍යා ගජනායක වෙත හිමි විය. දිවයින නන් දෙසින් පැමිණි, පොදු අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳගත් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගෙන් මෙම කණ්ඩායම් සමන්විත විය.

ක්‍රීඩාශීලීත්වය, සුහදත්වය සහ ජාතික අභිමානය ප්‍රවර්ධනය කිරීම සඳහා අලියාන්ස් ලංකා සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මේ ආකාරයට ජාතික ජල පන්දු කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීමට එම සමාගම ඉදිරිපත් වීම සිදු කළේය. මේ අයුරින් ඉදිරියටත් ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේදී දක්ෂතා දැක්වීමට අත්වැලක් සැපයීමට අලියාන්ස් ලංකා සමාගම බලාපොරොත්තු වේ.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.),  ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව