අලියාන්ස් දිවිතරණ: ජීවිත සහ සෞඛ්‍යය රක්ෂණයට නවතම ප්‍රවේශයක්

Divitharana Logo - Sinhala

 



 

 

 

ලොව අංක එකේ රක්ෂණ සන්නාමය වූ අලියාන්ස් විසින් ආකර්ෂණීය සහ පහසු මිලක් සහිතව ඔප්පු හිමියන් වෙත වඩා පුළුල් හා පරිපූර්ණ ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් පිරිනමමින් අලියාන්ස් දිවිතරණ ජීවිත රක්ෂණාවරණය හඳුන්වාදීම සිදු කරනු ලැබුවේය. විශේෂයෙන්ම අවම රක්ෂණ වාරිකයන් පිළිබඳව සැලකිලිමත් වන දිවයිනේ බහුතර ජනතාව ඉලක්ක කරගෙන මෙම සුවිශේෂී  රක්ෂණාවරණය හඳුන්වා දීම සිදු කර ඇත. රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්‍රතිලාභ රැසක් සලසමින්  ඔවුන්ගේ ජීවිතයන් වෙත මුහුණ දීමට අනපේක්ෂිත විපත් සඳහා වන රැකවරණය උදෙසා වන පරිපූර්ණ රක්ෂණ විසඳුමක් ලෙස මෙම රක්ෂණාවරණය හඳුන්වා දිය හැකිය.

ගොවීන්, ධීවරයන්, කාර්මික ශිල්පීන්, ගුරුවරුන් සහ විධායක නිලධාරීන් ඇතුළුව සමාජයේ කාණ්ඩ රාශියක් ආවරණය පරිදි “දිවිතරණ“ රක්ෂණාවරණය සැලසුම් කර තිබේ. මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂික වශයෙන් මෙහි වාරික සැලසුම් කර ගත හැකි අතර, එමෙන්ම නව රක්ෂණයක් මිලදී ගැනීම වෙනුවට රක්ෂණ කාලසීමාව තුළ ඔප්පුවේ රක්ෂිත අගය වැඩි කර ගැනීමටද හැකියාව ඇත. ආදායම සහ ජීවන රටාව කුමක් වුවද සැමට විශ්වාසනීය ආවරණයක් ලබාදෙන මෙවැනි රක්ෂණ විසඳුම්, විශේෂයෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග හමුවේ මෙය ජනතාවට අතිශයින් වැදගත් වනු නොඅනුමානය.

අනෙකුත් රක්ෂණ විසඳුම් වලට සාපේක්ෂව දිවිතරණ රක්ෂණාවරණයේ ඇති සුවිශේෂී සාධකය වන්නේ, සෑම රක්ෂණ ඔප්පු හිමියෙකු උදෙසාම වෙන් වෙන්ව ආයෝජන ගිණුම් පවත්වාගෙන යාමයි. මෙම ගිණුම් සඳහා ආයතනය විසින්  වාර්ෂිකව ලාභාංශ ප්‍රකාශයට පත් කෙරෙන අතර එම ලාභාංශ රක්ෂණ හිමියාගේ ආයෝජන ගිණුමට බැර වේ. මීට අමතරව, රක්ෂණ හිමියා නිසි පරිදි වාරික ගෙවා රක්ෂණය පවත්වාගෙන ගොස් ඇත්නම්, කල් පිරීමේදී 20% ක අමතර “ලැදියා ප්‍රතිලාභ“ දීමනාවක්ද අදාළ ගිණුමට එක් කරනු ලබයි. ජීවිත ආවරණයට අමතරව රක්ෂණ හිමියන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත හදිසි අනතුරු, අසාධ්‍ය රෝග සහ රෝහල්ගත වීම් ආදී අතිරේක ආවරණයන් රක්ෂණාවරණයට එක් කර ගත හැකි අතර, තම කලත්‍රයා සහ දරුවන්ද ආවරණයට ඇතුළත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

අලියාන්ස් දිවිතරණ රක්ෂණාවරණය පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා පවසා සිටියේ “ගනුදෙනුකරුවන්ට තම ජීවිතයේ වැදගත්ම දේවල් වලට රැකවරණය සලසමින්, සිහින හඹා යාමට අවශ්‍ය ආත්ම ශක්තිය ලබාදීමට අලියාන්ස් සමාගම කැපවී සිටින බව සහ අලියාන්ස් දිවිතරණ රක්ෂණාවරණය යනු එම කැපවීමේ තවත් ප්‍රතිඵලයක් බවත්ය. එමෙන්ම ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ලබාගත හැකි, පරිපූර්ණ හා සහනදායී රක්ෂණ විසඳුමක් ලබා දීම අපගේ මූලික අරමුණ වී තිබුනා. පාරිභෝගික භවතුන්ගේ අවශ්‍යතා පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙන නිසා, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළිකාරී විසඳුමක් ලෙස දිවිතරණ රක්ෂණාවරණය හඳුන්වා දීමට අපට හැකි වූවා. අතිශය නම්‍යශීලී රක්ෂණ විසඳුමක් වන මෙය, ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් පැවති ආදායමට ගැලපෙන වඩා සුදුසු ජීවිත රක්ෂණයක්  සඳහා වන අවශ්‍යතාව සපුරාලීමට සමත් වනු ඇතැයි කියා අප සිතනවා. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ අප සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වන බව යනුවෙනි.

අලියාන්ස් සමූහය යනු ලොව විශාලතම රක්ෂණ හා වත්කම් කළමනාකරණ සමූහ ව්‍යාපාර අතරින් එකකි. රටවල් 70 කට අධික සංඛ්‍යාවක පෞද්ගලික හා ආයතනික ගනුදෙනුකරුවන් මිලියන 126 කට අධික සංඛ්‍යාවක් අලියාන්ස් හි සේවාවන් භාවිතා කරති. දේපළ රක්ෂණ, ජීවිත රක්ෂණ හා සෞඛ්‍ය රක්ෂණ මෙන්ම සහකාර සේවාවන්, ණය රක්ෂණ, සහ ගෝලීය ව්‍යාපාර රක්ෂණ වැනි විසඳුම් හා සේවාවන් රාශියක් අලියාන්ස් විසින් හඳුන්වා දී තිබේ. ලොව විශාලතම ආයෝජකයෙකුද වන අලියාන්ස්, තම රක්ෂණ හිමියන් වෙනුවෙන් යූරෝ බිලියන 809 ක පමණ මුදලක් කළමනාකරණය කරයි. මීට අමතරව සමූහයේ වත්කම් කළමනාකරණ සමාගම් වන PIMCO සහ Allianz Global Investors (Allianz GI) යන සමාගම් තුන්වන පාර්ශ්වයන් වෙනුවෙන් කළමනාකරණය කරන වත්කම් වල සමස්ත වටිනාකම යූරෝ ට්‍රිලියන 1.9 කට අධික ය.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා (Allianz Life Insurance Lanka Ltd.)” ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව