අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව දඹුල්ලට හා කැලණියට ව්‍යාප්ත කරයි

Ideal

ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන රථවාහන සඳහා අලෙවියෙන් පසු හොඳම සේවාවක් ලබා දීමේ අරමුණින්, අයිඩියල් සමූහ ව්‍යාපාරය අනුබද්ධ අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන ජාලය දැන් සිය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ. අයිඩියල් ෆස්ට් චොයිස් හි අටවැනි සේවා මධ්‍යස්ථානය දඹුල්ල ප්‍රදේශයේත්, නව වැනි සේවා මධ්‍යස්ථානය කැලණිය ප්‍රදේශයේත් පසුගියදා විවෘත කෙරිණි. යතුරු පැදියේ පටන් ප්‍රයිම් මුවර් රථය දක්වා ලොකු කුඩා සෑම මහින්ද්‍රා වාහනයක්ම ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීම සඳහා බලයලත් එකම නියෝජිතයා වන අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් අයිඩියල් සේවා මධ්‍යස්ථාන ආරම්භ කරන ලද අතර, වැලිපන්නේ පිහිටි ශ්‍රී ලංකාවේ පළමු සහ එකම මහින්ද්‍රා KUV100 වාහන එකලස් කිරීමේ නිෂ්පාදනාගාරයේ සම-හිමිකාරිත්වයද, අයිඩියල් සමූහ ව්‍යාපාරය සතු වෙයි. අලුතෙන්ම ආරම්භ කළ අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන හොඳින් පුහුණුව ලැබූ පළපුරුදු කාර්ය මණ්ඩලයක් මගින් පාරිභෝගිකයින් හට උසස්ම තත්ත්වයේ අලෙවියෙන් පසු සේවාවක් ලබා දීම සඳහා කටයුතු කරයි. අද වන විට, අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන දිවයිනේ ප්‍රදේශ ගණනාවක් කරා විහිදී තිබෙන අතර, පාරිභෝගිකයින් සඳහා විශිෂ්ට සේවාවක් ලබා දීම මගින් හොඳම වෙනසක් කරා යෑම එහි අපේක්ෂාවයි.

අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන අයිඩියිල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලින් ජේ. වෙල්ගම හා අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරුන්ගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද අතර, අයිඩියල් මෝටර්ස් හි රථවාහන අංශයේ අධ්‍යක්ෂ චාමින්ද වනිගරත්න මහතාගේ මැදිහත් වීමෙන් එය ක්‍රියාවට නැංවේ. අනාගත දැක්මෙන් යුතු මෙම සංකල්පය රට පුරා ක්‍රියාත්මක වන්නේ, වාහන ලුබ්රිකන්ට් සේවා, යාන්ත්‍රික අලුත්වැඩියා,  PMS සේවා, වාහන බොඩි පින්තාරු, විදුලි අලුත්වැඩියා, ඒ/සී, වීල් එලයින්මන්ට් හා වීල් බැලන්සින්ග්, හෙඩ්ලයිට් ෆෝකසින්, හයිබ්‍රිඩ් අලුත් වැඩියා, ටයර් අලුත්වැඩියා හා මාර්ගස්ථ රථවාහන සහය ආදිය සම්බන්ධයෙන් ඉහළම සේවාවක් ලබා දීම සහතික කෙරෙන නවීනතම සේවා මධ්‍යස්ථාන පිහිටුවා ගනිමිනි.

“අයිඩියල් ෆස්ට් චොයිස්, පාරිභෝගිකයින් හට සුවිශේෂී සේවාවක් පිරිනමමින් දේශීය රථවාහන වෙළෙඳ පොළ ඇසිල්ලකින් අත්පත් කර ගෙන තිබෙනවා. ලබා ගන්නා සේවාව පිළිබඳව පාරිභෝගිකයින් වඩාත් තෘප්තිමත් භාවයට පත් වන, කඩිනම් හා ගුණාත්මක සේවාවක් සැපයීම දක්වා අපගේ අරමුණයි. අලුතෙන්ම ආරම්භ කළ සේවා මධ්‍යස්ථාන සම්බන්ධයෙන් දැන් පාරිභෝගිකයින්ගේ හොඳ ප්‍රතිචාර අපට ලැබී තිබෙන නිසාම තවදුරටත් සේවාව පුළුල් කිරීමටත්, මගේ සෘජු අධීක්ෂණ යටතේ හොඳම පාරිභෝගික සේවාවක් ලබා දීමටත් සැලසුම් කර තිබෙනවා.” අයිඩියල් ෆස්ට් චොයිස් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලහිරු චාමර සිල්වා සඳහන් කරයි.

මහින්ද්‍රා වාහන හැරුණු විට, අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යාස්ථාන මගින් දැන් සෑම මාදිලියකම වාහන සඳහා හොඳම සේවාවක් පිරි නැමෙන අතර, එමගින් වඩාත් පහසු ආකාරයට, ස්වකීය වටිනා කාලය ඉතිරි කර ගනිමින්, සෑම අලුත්වැඩියා කටයුත්තක්ම එකම ස්ථානයකදී ඉටු කර ගැනීමට දැන් පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසී තිබේ. අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව මගින් පිරිනැමෙන ප්‍රධානතම සේවාවක් වන්නේ, වාහන අනතුරු අලුත්වැඩියාවන් සඳහා අවුරුද්දේ දින 365 පුරා පැය 24 ම ක්‍රියාත්මක වන දීප-ව්‍යාප්ත, මාර්ගස්ථ රථ වාහන සහය හා ආපදා සේවාවයි. එමගින් අනතුරට පත් වාහනයක්  සේවා ස්ථානයක් වෙත කිසිදු ගාස්තුවකින් තොරව රැගෙනවිත්, සේවාව ලබා දීමට කටයුතු කෙරේ. මේ වන විට මෙම සේවාව පිරිනැමෙන්නේ, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල කිලෝ මීටර 50 ක දුරක් ඇතුළත අනතුරට ලක් වූ වාහන සඳහා පමණි.

ප්‍රමුඛ පෙළේ වාහන සේවා සපයන ආයතනයක් ලෙසින් අයිඩියල් ෆස්ට් චොයිස්, හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රොනික්, කයිසන්, අධීක්ෂණ කළමණාකරණය, තත්ත්ව පාලනය හා වාහන ගැටලු හඳුනා ගැනීම ආදී ක්ෂේත්‍ර පිළිබඳ හසල පළපුරුද්දක් විදහා පෙන්වන හොඳම පුහුණුවක් ලද තාක්ෂණික නිලධාරීන් පිරිසකගෙන් සමන්විත වෙයි. එමෙන්ම, ඔවුන් විසින් අලුත්වැඩියා කටයුතු සඳහා යොදා ගනු ලබන්නේද, අනුමත මෙවලම් හා උපකරණ පමණක් වීම විශේෂත්වයකි.

සෑම මාදිලියකම වාහනවලට විශිෂ්ටතම සේවාවක් ලබා දීම සඳහා, ලොව ඉහළම පෙළේ සන්නාම  භාවිත කිරීම සම්බන්ධයෙන් අයිඩියල් ෆස්ට් චොයිස් නම් දරා තිබේ. වාහන සඳහා උසස්ම සේවාවක් ලබා දීම සඳහා BOSCH හා AkzoNobel අංක එකේ සම-සන්නාම ලෙසින් අයිඩියල් ෆස්ට් චොයිස් හා අත්වැල් බැඳ ගනිද්දී, Wurth හා Valvoline එහි දෙවැනි උප-සන්නාම ලෙසින් භාවිතයට ගැනේ. ඊට අමතරව, Mahindra, Ssangyong, Chery, Apollo Tyres, Bosch ජෙනුයින් අමතර කොටස් හා  Sikkens තීන්ත දිවයින පුරා බෙදා හැරීමද අයිඩියල් මෝටර්ස් මගින් සිදු කෙරේ. අයිඩියල් ෆස්ට් චොයිස් හි මෙවැනි ඉහළම පෙළේ සන්නාම යොදා ගනිමින් සේවා කටයුතු සිදු කෙරෙන්නේ, වාහන සම්බන්ධයෙන් උසස්ම තත්ත්වයේ සේවාවක් ලබා දීම පිණිසය. අයිඩියල් ෆස්ට් චොයිස් සම්බන්ධයෙන් වඩාත් විශේෂිත කාරණය නම්, සෑම පාරිභෝගිකයකු හටම විශ්වාසය තැබිය හැකි වඩා පහසු සේවා මධ්‍යස්ථානයක් බවට එය පත් කරලීම පිණිස, දුරකතන මගින් උපදෙස් ලබා දෙමින්ද, ඉහළම අවධානයක් යොමු කරමින්ද, නිරන්තරයෙන් පාරිභෝගික අදහස් විමසමින් ඔවුන් හා ඉතා සමීපව කටයුතු කිරීමයි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව