අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් රත්වත්ත වතු පාලනාධිකාරිය වෙත කරන ලද වාචික හිංසනය ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හෙළා දකී

PA logo

 



 

 

2023 අගෝස්තු 20 වන ඉරිදා දින, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ගරු. ජීවන් තොණ්ඩමන් මහතා ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්ත වතුයායේ ජ්‍යෙෂ්ඨ වතු පාලනාධිකාරිය වෙත පරුෂ වචනයෙන් බැන වදිමින් තර්ජනාත්මකව ක‍්‍රියා කළ ආකාරය ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තරයේ හෙළා දකින අතර සංගමය මේ පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටී.

අදාල වතුයායට අයත් නොවන වතු කම්කරුවන් පිරිසක් අනවසර ඉදිකිරීම් කර තිබීම නිසා මෙම තත්වය ඇති වූ අතර එම ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට පාලනාධිකාරියට අවශ්‍ය විය. මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ඉඩමේ නීත්‍යානුකූල භාරකරුවන් ලෙස මෙම රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට පාලනාධිකාරිය සිය බලය ක‍්‍රියාත්මක කළේය. රත්වත්ත වතුයායට අයත් ඉඩම රජය සතු වන අතර එහි පාලනාධිකාරීත්වය ඇල්කඩුව වැවිලි සමාගමට ලබා දී ඇත.

”රජයේ කැබිනට් අමාත්‍යවරයකු විසින් සිදු කළ පරුෂ වචනයෙන් බැන වැදීම සහ තර්ජනය කිරීම් වැවිලි ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානතම ආයතනය ලෙස අප දැඩිව හෙළා දකිනවා. මෙවැනි ගැටලූ රටේ නීතියට අනුකූලව විසඳා ගැනීමට අදාළ වැවිලි සමාගම්වල පාලනාධිකාරීත්වයට ඉඩ දෙන ලෙස අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව